theleaderlk 01

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 'තරුව' ලකුණින් මෙවර ජනාධිපති ධුරයට තරඟ වැදසිටින, ව්‍යවසායක දිලිත් ජයවීර ඊයේ (17) යටියන්තොට

ජන රැලිය ආරම්භ කරනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ පෙරටුගාමින්ව සිටී ආචාර්ය එන් .එම්. පෙරේරාගේ හා දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ දෙදෙනාගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දක්වමිනි.  

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර එම ජන රැලියේදී අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝග කළේය. 

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය. 

"අපි ඉදිරිපත් කළා උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ඒ තුළින් එකින් එක කිව්වා...ඔබේ ජීවිතය වෙනස් වෙන විදිය. ඒ වෙනස් වන විදිය සඳහා මුදල් ලැබෙන ආකාරය. මේකට විරුද්ධව අද කවුරුත් වචනයක්වත් කියන්නේ නෑ."

"අපි මේ පොතේ යෝජනා කරලා තියෙනවා... නූතන ඩිජිටල්කරණය භාවිතා කරලා සමාන වෙන ක්‍රමය. උපන්දාම ඔබට ලැබෙන මේ ඩිජිටල් අංකෙන් ඔබත් මමත් එක දිනයකදී සමාන පුරවැසියන් වෙනවා මේ රටේ."

"මම ඔවුන්ගෙන් අහන්නේ එක ප්‍රශ්නයයි. මේ ඩිජිටල් අංකය නිකුත් කරන්න පුළුවන් නම් පොරොන්දු වෙන්න. එදාට කියන්න වෙනවා ආදායම නම් ආදායම... වියදම නම් වියදම් කරන විදිය."

 

pe2024 2

worky sin

නවතම පුවත්