theleaderlk 01

ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය ලබාදීමට ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නොහාර්තලිංගම් තීන්දු කර ඇත.


කොළඹ මල්වත්ත පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ කාර්යාලයේ අද (18) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එම තීරණය ප්‍රකාශයට පත්  කළේය.

රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බවත්, අර්බුදයට ලක්වූ අවස්ථාවේ රට ගනු ලැබුවේ වර්තමාන ජනාධිපතිවරයා බවත් පැවසූ නොහාර්තලිංගම් මන්ත්‍රීවරයා, ඊට කෘතගුණ සැලකීමක් ලෙස ජනාධිපතිවරයා සමග එක්වන බව එහිදී පැවසීය.

මේ අතර මන්නාරමේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලියට ඊයේ (17) එක් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් හමුවූ අතර ඔහුගේ සහයෝගය ද ජනාධිපතිවරයාට ලබාදෙන බවට සහතික වී ඇත.

WhatsApp Image 2024 09 18 at 8.45.45 PM 1

pe2024 2

worky sin

නවතම පුවත්