theleaderlk 01

මෙම ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරන බව සජිත් ප්‍රේමදාස පවසයි.


ඔහු මෙලෙස පැවසුවේ අද (18) මොනරාගල පැවති ජන රැළයක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස...    


දළදා සමිඳු පිහිටයි...!

බුද්ධි අංශ වාර්තා අනුව සමගි ජන බලවේගය ලක්ෂ විස්සක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා. මගේ කකුලෙන් අදින අනුර - රනිල් දේශපාලන ජෝඩුව ඉන්නෙ හොඳට ම පහළින්. උතුම් දළඳා සමිදුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පුජා කරලා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරපු නිසා මම මේ රටේ පාලකයා වෙනවා. මම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු යෝජනා සියල්ලක් ම දිවි හිමියෙන් රකිනවා. අපිට මේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ජයග්‍රහණය සාමයෙන් භූක්ති විඳින ලෙස මම අපේ පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

හිංසනය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති නොවන නිසා විරුද්ධ මත දරන කිසි කෙනෙනකුට හානි කරන්න එපා. ඒ සියලු දෙනා ම රට ගොඩනගන ගමනේ දායකයන් බවට පත් කරගන්නවා. අපි ආගමික නිදහසට ගරු කරනවා. බෞද්ධ හින්දු ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අදහන ඕනෑ ම අයකුට ආගම් ඇදහීමට අයිතිය තියෙන නිසා මම ඒ අයිතිය සුරක්ෂා කරනවා.


වැඩි ඡන්ද ලක්ෂ 20ක්

මම බලයට ඇවිත් මාස හයකින් කුඩු සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අවසන් කරනවා. ගන්න පුළුවන් තදබලම තීන්දු ඇගෙන කුඩු මත්ද්‍රව්‍ය මාෆියාව අවසන් කරනවා. ජනතා විමුක්ති පෙරමුණට, මාලිමාවට, පොදු පෙරමුණට, යූඇන්පියට සම්බන්ධ සියලු දෙනා ම අවසාන මොහොතේ හෝ ඡන්දය නාස්ති නොකර දුරකතනයට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මම මේ ජනාධිපතිවරණයෙ දි ලක්ෂ විස්සකින් මම දිනනවා. මගේ ළඟ හොරු බොරු වංචා නෑ; දේශපාලන ඩීල් නෑ. ඇති එකම සමාජ ගිවිසුම වන්නේ දුකට පත් ලක්ෂ දෙසිය විස්සක ජනතාව දුකින් මුදවා ගැනීම යි. එතන දි බදු බර පහත හෙළලා ආයෝජන වැඩි කරලා දූෂණය වංචාව හොරකම පිටුදකිනවා. රට විනාශ කරපු හොරු ටික නීතිය ඉදිරියට ගෙනවිත් රටෙන් හොරා කෑ සියලු සම්පත් නැවත රටට ලබා ගන්නනවා.’’

 

 

pe2024 2

worky sin

නවතම පුවත්