theleaderlk 01

උතුරේ ප්‍රධානම දෙමළ දේශපාලන පක්ෂයේ නායකයා ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනකුට සහාය පළ කිරීම දෙමළ ජනතාව අතර සමච්චලයට
ලක්වී තිබේ.

එම පක්ෂයේ නායකයන් අවම වශයෙන් අපේක්ෂකයන් දෙදෙනකුගේ වේදිකාවට ගොඩවීම දකුණේ ප්‍රධාන අපේක්ෂකයන් අවුල් කිරීමටද මග පාදා ඇත.

දෙමළ අභිලාෂ සම්බන්ධයෙන් ‘සාපේක්ෂව සතුටුදායක’ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සහිත සජිත් ප්‍රේමදාසට ඡන්දය දීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය  තීන්දු කළ බව සැප්තැම්බර් 16 වැනිදා පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් දැනුම් දුන් පක්ෂයේ සභාපති  මාවෙයි සේනාධිරාජා එදිනම හවස කිලිනොච්චියේ පැවැති දෙමළ පොදු අපේක්ෂකගේ මැතිවරණ වේදිකාවේදී පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට ඡන්දය දෙන බව දැනුම් දුන්නේය.

"ඔබ වාගේම දෙමළ ජාතියේ විමුක්තිය වෙනුවෙන් මගේ ඡන්දයත් දීමට තීන්දු කළ බව පැහැදිලිව කියනවා"

ITAK මාධ්‍ය ප්‍රකාශක එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊට පෙර දිනයේ සිටියේ යාපනයේ සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේය.

ඊට දින කීපයකට පෙර යාපනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසුන අවස්ථාවේදී ITAK සභාපතිවරයා  රනිල් වික්‍රමසිංහ ජනාධිපති තරගයෙන් ජයගැනීම පිළිබඳ අපේක්ෂාව පල කර තිබුණි.

 " මා ඔහුට පැවැසූවේ ඡන්දය අවසානයේදී ඔබ ජයග්‍රහණය කළ යුතු බවයි. මාස තුනක කාලයක් තුළදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකරමින් ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔබ ෆෙඩරල් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇති බව මා විශ්වාස කරනවා, සහ බලපොරොත්තු තබා ගන්නවා, යි පැවසුවා."  
සජිත් ප්‍රේමදාසට සහාය දෙන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නිල වශයෙන් තීන්දු කළ 16 දිනට පසුදා වන සැප්තැම්බර් 17 වැනිදා  මන්නාරම් දිස්ත්‍රික් නායක චාල්ස් නිර්මලනාදන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මන්නාරමේදී රනිල් වික්‍රමසිංහ හමු වී ඔහුට සහාය පලකළ බව, ජනාධිපති මාධ්‍ය ඒකකය කතාබහ නෑසෙන වීඩියෝ පටයක් බෙදා හරිමින් ප්‍රකාශ කර තිබේ.

ඉලංගෙයි තම්ල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් සියලු සිංහල අපේක්ෂකයන්ට විරුද්ධව තමන් සහාය දෙන්නේ පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට බව පැහැදිලිව සදහන් කර තිබෙන අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ශාඛා සමිති කිහිපයක්ද පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

හිටපු TNA මන්ත්‍රිනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 17 වැනිදා රැස්වූ ඉලංගෙයි තම්ල් අරසු පක්ෂයේ (ITAK)  මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි සහ බටහිර මාන්තෙයි  ශාඛා සමිති ද දෙමළ පොදු අපේක්ෂකයා ට සහාය පළ කරන බව ප්‍රසිද්ධියට පත්  කර තිබුනි.

pe2024 2

worky sin

නවතම පුවත්