ලංකාවේ සමාජවාදය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ව්‍යාපරයක අනුර අද 88-89 පිළිබඳ කතා කරන විට සැඟවෙන බව ජන අරගල සන්ධානයේ ළහිරු වීරසේකර පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (18) කිරිබත්ගොඩ නගරයේ පැවති ජන රැලිය අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ළහිරු වීරසේකර.
පසුගිය කාලෙ ඡන්ද ප්‍රතිඵල
‘‘දෙදහස් විසි හතරෙ ජනාධිපතිවරණයට තව දින කිහිපයයි තියෙන්නේ. ඒ අතරෙ අපිට තියනවා කියන්න ඡන්ද ප්‍රතිඵලයක්. ඒ දෙදහස් දහනමයෙ ජනාධිපතිවරණයෙන් ලක්ෂ හැට නමයක් ඡන්ද අරගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා. මොනවද ප්‍රතිඵල. ලංකාවේ ණය බර ඩොලර් බිලියන සියය දක්වා වැඩි වුණා. අධ්‍යාපනය සෞඛ්‍ය විකුණන්න නීති අණපනත් එන්න පටන් ගත්තා. හාරසීයකට වැඩි රාජ්‍ය දේපළ ඉඩම් විකුණන්න සැලසුම් සකස් වුණා. ඉන්දියාව ඇවිල්ලා තෙල් ටැංකි ටික වරාය උතුරේ දූපත් ටික ඉල්ලන්න පටන් ගත්තා. අයි එම් එෆ් කොන්දේසි ක්‍රියාත්මක කරන්න බලාගෙන ආර්ථික පරිවර්තන පනත කියම කොල්ලකාරී පනත පාර්ලිමේන්තුව ඇතුළෙ සම්මත වුණා. ඒවා තමයි පහුගිය කාලේ ජනතාවට ලැබුණු ඡන්ද ප්‍රතිඵල.
අද මේ වේදිකාවේ ඉන්න වමේ දේශපාලන පක්ෂ, අද මේ වේදිකාවේ ඉන්න මේ සහෝදරවරු හැමෝම මේ සමාජයට ජයග්‍රහණ අත්පත් කර දෙන්න බිමේ සටන් කරපු අය. ‘‘ධනවාදයට පරාජය - සමාජවාදයට ජයග්‍රහණය’’ ඒක තමයි අපේ තේරීම. ගොඩක් අය අපෙන් තාම අහනවා අපේ තේරීම හරි ද කියලා. අපි කියනවා මේ විසි එකෙන් පස්සේ අපි මේ භූමිය ඇතුලෙ පෙන්නනවා අපේ තේරීම හරි කියලා.
අනුර කියන්න බය වචනය
ලංකාවේ සමාජවාදය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ව්‍යාපරයක අනුර අද අසූ අට අසූ නමය ගැන කතාකරද්දි හැංගෙනවා. සමාජවාදය කියන වචනෙ කියන්න බයයි. එහෙම ව්‍යාපාර එක්ක ගිහිල්ලා මේ සටන පාවා දෙන්න සූදානම් නෑ. අපි ඉතිහාසෙ පළවෙනි වතාවට ගෙනාවා ජනාතාවගේ ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්ති ඇතුලේ තියනවා ජාතික ප්රශ්නය විසඳන යෝජනා. දෙමළ, මුස්ලිම්, කඳුකර දෙමළ, ජනතාවට ස්වයං පාලන ප්‍රදේශ ලබාදෙන තීරණ ගන්න බලය දෙන වැඩපිළිවෙළක් අපි ව්‍යවස්ථාවට ගේනවා. ජාතිවාදී යෝජනා පරාජය කරන දිවි මණ්ඩල යෝජනාව අපි ගේනවා. මේවා කියන්න අපි බය නෑ. ඒක නිසා තමයි අපි බය නැතුව කියන්නේ ජනතාවට පක්ෂපාතී එකම අපේක්ෂකයා නුවන් බෝපගේ විතරයි.’’
අපි අනිවාර්යයෙන් අපේ සටන්පාඨය දිනවනවා - ජෙහාන් අප්පුහාමි
‘‘අපි ඉන්නේ සමාජවාදය විස්වාස කරන රතු වේදිකාවක් උඩ. කම්කරුවා, ධීවරයා, ගොවියා, ශිෂ්‍යයා වෙනුවෙන් කතාකරන වේදිකාව මෙතන. දැන් සමහරු අහනවා කලාකාරයෙක් විදිහට උඹ ඉන්න ඕන අතන නේද කියලා ? හැබැයි මම කොන්දක් ඇතුව කියන්නේ මම වෙනස්වෙලා නෑ. මම අදටත් ඉන්නේ මේ රටේ ජනාතාවට පක්ෂපාතී වේදිකාවේ. රැල්ල කොහොමත් වෙරළට ගහනවා. හැබැයි ඒ රැල්ල ආපහු මුහුදටම යනවා. ඒක හැමෝම මතක තියාගන්න. අපි දිනයි ද පරදියි ද කියලා ඇඹරෙන්න එපා. අපි අපේ සටන්පාඨ අනිවාරෙන් දිනවනවා. ඒක තමයි ඇත්ත වමේ ව්‍යාපාරයක විදිහ. ඒක නිසා මේ විසි එක ඇඹරෙන්නැතුව ගිහිල්ලා කුඩය ලකුණ ඉදිරියෙන් ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න.’’
(සටහන - ජයසිරි අලවත්ත)