theleaderlk 01

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ලීක් කළේ කවුදැයි හරියට ම දන්නේ අනුර කුමාර දිසානායක යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (18) අම්බලංගොඩ පැවති ජන රැලියේ දි ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

අනුර තමයි හොඳට ම දන්නෙ

‘‘පුළුවන් කියන ජනාධිපතිට ශිෂ්‍යත්ව විභාගය හරියට පවත්වන්න බැරි වුණා. ඒ ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර එළියට ඇවිල්ලා. ඒ නිසා අසරණ වූ දුවා දරුවන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ නිසි සාධාරණත්වය ඉටු කරනවා. පුළුවන් කියා ගත්තත් මේ රජයට ශිෂ්‍යත්ව විභාගයවත් තියා ගන්න බෑ. මේ විභාග ප්‍රශ්න පත්‍රය ලීක් වුණේ වයඹ පළාතේ කුමන ප්‍රදේශයෙන් ද කියා සොයා බලන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොන පක්ෂයට අයත් පුද්ගලය ද ලීක් කරේ කියා සොයා බැලිය යුතුයි. මේ ගැටලුව අනුර කුමාර දිසානායකගෙන් අහනවා. මොකද මේ ගැන හොඳටම දන්නේ එයා. සියලුම බුද්ධි අංශ වාර්තා අනුව සමගි ජන බලවේගයේ ජය නියතයි. මේක මගේ පෞද්ගලික ජයග්‍රහණයක්නෙවෙයි; දුක් විඳින පොදුජනතාවගේ ජයග්‍රහණයක්. ලක්ෂ දෙසිය විස්සේ යුගය ආරම්භ වන විට රනිල් වික්‍රමසිංහ අනුර කුමාර දිසානායක හොර ගිවිසුම් සන්ධානය අවසානයි.

කර්මාන්ත ශාලා සංකල්පය ගමට ගේනවා

නිෂ්පාදන කර්මාන්තය සංස්කෘතිය ගෙනවිත් කොග්ගල නිදහස් වෙළෙඳ කලාප වැනි තවත් කලාප ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කර්මාන්ත ශාලා සංකල්පය ගමට ගෙනවිත් නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා. ජයග්‍රහණය සමග රට ගොඩනැගීමේ වැඩකොටස එනවා. දුකට පත් ජනතාව සුවපත් කිරීමට, සැපවත් කිරීමට කාලය එනවා. ජේවීපී යූ එන් පී හරි පොහොට්ටුව ගැන හරි නොසිතා සමගි ජන බලවේගය දිනවන ලෙස මම ඉල්ලා සිටිනවා.’’  





ambalangoda 2
ambalangoda 3

pe2024 2

worky sin

නවතම පුවත්