අනාගතයේ දී නිර්මාණය කරන ආණ්ඩුවක් තුළ තමන් වැඩ කරන්නෙත් දැක්මක් සහ සැලැස්මක් සහිතව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
හෙතෙම එලෙස පැවසුවේ ඊයේ (18) තිස්සමහාරාමය නගරයේ පැවති ජන රැලිය අමතමිනි.
එම රැලියේ දී වැඩිදුරටත් අදහස් පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
ආසියාවේ නාවික සහ ගුවන් කේන්ද්‍රස්ථානය
‘‘අපේ මැතිවරණ ව්‍යාපාරය තුළ ලංකාවේ සෑම ආසනයකට ම ගොස් අපේ පාක්ෂිකයන් හමුවුණා. අද එහි අවසන් දිනයට පැමිණ තිබෙනවා. මේ රටේ වැඩ කරපු දේශපාලන බලවේගයක් විදිහට මේ රටේ වසර තිහක් පමණ පැවැති යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. රන්මිණිතැන්නට වෙනකල් ත්රස්තවාදීන් ආවා. ඒ ත්‍රස්තවාදය තුරන් කරලා නිදහස ගෙනාවා. දෙදහස් පහට පෙර ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්ක අතරින් අධ්‍යාපන මට්ටම පහළම පැවති දිස්ත්‍රික්ක අතරින් යටිතල පහසුකම් අවම දිස්ත්‍රික්ක අතරින් අඩු ආදායම්ලාභී දිස්ත්‍රික්කයක් විදියට තමයි හම්බන්තොට දිස්ත්‍රික්කය හැඳින්වූයේ. නමුත් අද වන විට ලංකාවේ දියුණු දිස්ත්‍රික්කයක් පමණක් නොව ආසියාවේ නාවික සහ ගුවන් කේන්ද්‍රස්ථානයක් විදිහට අපේ දිස්ත්‍රික්කය පරිවර්තනය කරන්න අවස්ථාව ලැබී තිබෙනවා.
දැවැන්ත ආර්ථික පරිවර්තනයක්
අධ්‍යාපනය අතින් ගත්තාම කොළඹට හා සමාන ප්‍රගතියක් අපේ දිස්ත්‍රික්කයේ දරුවන් අතර තිබෙනවා. අධිවේගී මාර්ග හදමින් හම්බන්තොට වරාය හා සම්බන්ධ කරා. මත්තල ගුවන්තොටුපොළ හා කටුනායක ගුවන්තොටුපොළ සම්බන්ධ කරා. ඒ වගේම අධිවේගී මාර්ගයේ හම්බන්තොටින් මඩකලපුවට ගෙනියන්න අපේ සැලැස්මක් තිබුණා. ඊළඟ වසර පහළව තුළ ශ්‍රී ලංකාව ගුවන් හා නාවික මගින් මිලියන අසූවකට සේවා සපයන විට හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙනවා. වරාය කේන්ද්‍ර කරගත් කාර්මික ජනපදය, සූරිය වැව කේන්ද්‍ර කරගත් තොරතුරු සාක්ෂණ ගම්මානය, මත්තට ගුවන්තොටුපොළ කේන්ද්‍ර කරගෙන ගුවන් සේවා සමාගම් සඳහා සේවා සපයනවා වගේම මහා දැවැන්ත ආර්ථික පරිවර්තනයකට මේ දිස්ත්‍රික්කය සූදානම්.
හම්බන්තොට දිස්ත්‍රික්කයට රැකියා ලක්ෂයක්
අවාසනාවකට යහපාලන ආණ්ඩුවේ බොහෝ කෙනෙකුට මේක තේරුම් ගියේ නෑ. ඒ අය හිතුවේ මත්තල ගුවන් තොටුපල හැදුවේ වී ගබඩා කරන්න කියලයි. සූරිය වැව ක්‍රීඩාංගණය වසා දැම්මා. තොරතුරු තාක්ෂණ ගොඩනැගිලි අතරමග නවතා දැම්මා. වරාය කුණු කොල්ලෙට විකුණා දැම්මා. සැලැස්මක් නොතිබුණු නිසයි එහෙම විකුණා දැම්මේ. වරාය බේරගන්න ගියා කියලා මහා සංඝරත්නයට එළව එලව ගැහුවා. නමුත් අපිට සැලැස්මක් තිබුණා. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ රැකියා ලක්ෂයක් නිර්මාණය කරන්න අප තුළ වැඩපිළිවෙළක් තිබුණා. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා දස දහසක් නිර්මාණය කරන්න සැලසුම් තිබුණා. යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසුව ප්‍රති අපනයනයට මුල් තැන දුන්නා. රාජපක්ෂ ආණ්ඩු හැමදාම ව්‍යාපාරිකයාට වඩා ගොවියාට මුල්තැන දී කටයුතු කළා. ස්ථාවර මිලක් ලබා දෙන්න කටයුතු කළා. අනෙක් පැත්තෙන් ධීවර කර්මාන්තය දියුණු කරන්නත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළා. දැක්මක් සහ සැලස්මක් එක්ක අපි දේශපාලනය කරනවා. ඒ වගේම දැවැන්ත සංස්කෘතියක් සහිත දිස්ත්‍රික්කයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න අවශ්‍ය වුණා.
සුදුස්සාට සුදුසු තැන
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නද අපට සැලැස්මක් තිබුණා. එදා හෝටලයක් හැදුවොත් ඒක නාමල්ගේ හෝටලයක් කිව්වා. නමුත් හෝටල් විවෘත කරන්න ගියොත් අපිට චෝදනා නැගුවා. චෝදනා කළාට අපි සැලුණේ නෑ. නමුත් අපිට විශ්වාසයක් තිබුණා මේ රටේ ජනතාව අපිව තේරුම් ගනියි කියලා. ඉදිරියේදී අපි හදන ආණ්ඩුවක් තුළ අපි වැඩ කරන්නෙත් දැක්මක් සහ සැලැස්මක් එක්කයි. අපට දේශපාලන වේදිකාවේ මඩ ගහලා වැඩක් නෑ. අපි ප්‍රතිපත්තිගරුකයි. අපිට වැඩපිළිවෙළක් තිබෙනවා. අලි ප්‍රශ්නයට ද තිරසාර විසඳුමක් ලබා දෙනවා මිස ජනතාව අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන්නේ නෑ. රැකියා උත්පාදනය කොට රැකියා දෙනවා මිස උස ද මිටි ද බලා රැකියා ලබාදී නෑ. සුදුස්සාට සුදුසු තැන දෙන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම අපි ධීවරයා , කම්කරුවා, ව්‍යාපාරිකය ආරක්ෂා කරන්නත් කටයුතු කරනවා. අපි හැමදාම දේශීය චින්තනයත් සමග ගොඩනැගුනා. වමේ දේශපාලන බලවේගය සහ ප්රගතිශීලී කඳවුරු ආරක්ෂා කරන්න අපිට වගකීමක් තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් අතරින් ප්රගතිශීලී දේශපාලන කඳවුර ආරක්ෂා කිරීමට කැපවී සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණයි. වරදාන, වරප්‍රසාදවලට අවස්ථාවාදී දේශපාලනය තුළ පිල් මාරු කරන්න අපි සූදානම් නෑ. අපි ප්‍රතිපත්ති වෙනස් කරන්නත් සූදානම් වන්නේ නෑ. අපිට හොරු කිව්වා.
අපි අහිංසකයි
අපි සොරකම් කර තිබෙනවාද කියා බලන්න ලෝකේ වටේ ගියා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කිව්වා රාජපක්ෂවරු සොරකම් කළ කිසිදෙයක් නැහැයි කියලා. අපිව හිරේ දැම්මා. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා අදත් මාතර උසාවියට පැමිණියා. අපිට ආත්ම ශක්තියක් තිබෙනවා. අරගලයෙන් පස්සේ අපි හැංගිලා ඉන්නේ කිව්වා. කවදාවත් අපි හැංගිලා හිටියේ නෑ. මිනිස්සු අතර අපි සිටියා. අපි අහිංසකයි. අපි බනින්නේ නෑ. වල්පල් කියවන්නෙත් නෑ. මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ කියලා මතක තියාගන්න කියලත් අපි ඔවුන්ට කියනවා. අපි මහ පොළොවේ පය ගහලා ඉන්න අය. මහින්ද රාජපක්ෂ දිහා බලා සිත හදා ගන්නා අයට හැත්තෑවෙදි මහින්ද රාජපක්ෂ දුටු ආකාරයට නාමල් රාජපක්ෂ දිහා බලන්න කියා කියනවා. ඒ බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය දන්නවා.
යථාර්ථය ටික ටික එළියට
අපිත් එක්ක හිත් බිඳිච්ච අයත් ඉන්නවා. ඒක සාධාරණයි. නමුත් අපි අතර ළෙන්ගතුකමක් තිබෙනවා. මහා බලාපොරොත්තුවක් ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ගෙනාවා. නමුත් කුමන්ත්රණයකින් ඒක වැට්ටුවා. මීට පෙර රාජපක්ෂවරු මේ රට බංකොලොත් කරා කියන අය දැන් කියනවා රාජපක්ෂවරු නොවෙයි රට බංකොලොත් කරේ කියලා. අපිට ගහන්න ඕන වන විට, අපේ ගෙවල් ගිනි තියන්න ඕන වනවිට රාජපක්ෂවරු මේ රට බංකොලොත් කරා කියනවා. නමුත් යථාර්ථය ටික ටික එළියට එනකොට රාජපක්ෂවරු නොවෙයි රට බංකොලොත් කරේ කියලා කියනවා. ඒ අදහස් ඉදිරියට එනවා කියලා අප දැනං හිටියා.
පිල් මාරුවෝ කවුද?
බොහෝ අය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ බැහැ කියන විට මම බය නැතුව අභියෝගය බාරගත්තා. මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු ආභාෂයත් සමග මට ඒ සඳහා ආත්ම විශ්වාසයක් සහ ශක්තියක් තිබෙනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න. ඔබේ දරුවාගේ අනාගතය මට භාර දෙන්න. අපි අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු. අපි හැමෝගෙන්ම අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් අපි මේ රටට ද්‍රෝහිකම් කරල නෑ. මේ රට බෙදන්න අපි කටයුතු කරලා නෑ. අපි යම්කිසි තීන්දුවක් තීරණයක් ගත්තා නම් ඒ ගත්තේ සද්භාවයෙන්. රට ගොඩනගන්න වගේම ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්නයි. මනුස්සකමත් එක්ක දේශපාලනය කරන්න මහින්ද රාජපක්ෂ මහතා අපිට උගන්වා තිබෙනවා. නායකයෝ පිල් මාරු කළාට ජනතාව පිල් මාරු කරන්නේ නෑ කියලා අපි විසි එක්වෙනිදාට මතක් කරදෙමු.’’
දකුණට එකක් උතුරට තව එකක් - මහින්ද රාජපක්ෂ
‘‘අපි දේශපාලනය පටන් ගත්තේ හම්බන්තොටින්. තිස්සමහාරාමෙ කියන්නේ අපේ වැයික්කිය. මේ ඉන්නෙ අපේ මිනිස්සු. රාජපක්ෂලාට කවදාවත් ඒ මුල අමතක වුනේ නෑ. ඔබත් ඒ කළෙහිගුණ අමතක නොකරන බව අපි දන්නවා. අද රට තියෙන්නෙ අනතුරක. රූකඩ නායකයෙක් රටේ නායකයා කරන්න විදෙස් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දවසෙන් දවස නාමල් වටා ජනතාව එක්වීම දැන් ඒ අයට ප්‍රශ්නයක් වෙලා. නාමල් ගැන මෙහෙම උනන්දුවක් ඇති උනේ උතුරට ගිහිල්ලා රට බෙදන්නෙ නෑ කියලා කෙළින්ම කියපු නිසයි. අනිත් අපේක්ෂකයො තුන්දෙනා ම දකුණට එකක් කියලා උතුරට තව එකක් කිවුවා. ඒ දෙපටිකාට්ටු දේශපාලනය නාමල් ගාව නැති බව අපි ආඩම්බර වෙන්න ඕනි.
අරමුණක් වෙනුවෙන් වැඩකරන්න
අද කවුරුත් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලන්නෙ නෑ. බලය බෙදන්න කියලා ඉල්ලන්නෙත් නෑ. නිරාගමික රටක් ගැන සාකච්ඡා කරන්නෙත් නෑ. කාටද මේ අවශ්‍යතාව තියෙන්නෙ. මේවා අනෙක් අපේක්ෂකයන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශවලට ඇතුළු කරේ අහම්බෙන් වෙන්න බෑ. එතැන තියෙන්නෙ රට අවුල් කරන කුමන්ත්‍රණයක්. මේ රට බංග්ලාදේශයක් කරන්න යන ඒ කුමන්ත්‍රණය අපි පරාජය කරන්න ඕනි. මට යුද්ධෙ ඉවරකරන්න උවමනාව තිබුණේ මම මන්ත්‍රීවරයෙක් කාලේ ඉඳන්. ඒක හරියට දැන් නාමල්ට මේ රට දියුණුකරන්න තියෙන උනන්දුව වගේ අධිෂ්ඨානයක්. අරමුණක් වෙනුවෙන් වැඩකරන්න පුළුවන් නම් ඒ අභියෝගය කවදා හරි ජයගන්නවා.
සුරංගනා කතා එපා
අධීවේගී මාර්ග, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය වගේ මහා පරිමාණ ව්‍යාපෘති ගෙනාවා. කෘෂිකර්මාන්තය නංවන්න වී ගොවියගෙ, හේන් ගොවියගෙ, කිරි ගොවියගෙ ප්‍රශ්න ටික විසඳුවා. ඔවුන්ට හොඳ ආර්ථිකයක් හැදුවා. මේ පරිවර්තනය සමහරුන්ට බලාගෙන ඉන්න බැරි උනා. ගමේ තරුණයා ලෝකය දකිනවට ඒ අය කැමති උනේ නෑ. ඒ නිසා අද රට ගොඩගන්න නම් සුරංගනා කතා කියලා හරියන්නෙ නැහැ. යම් නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලකට අපි ඉදිරියට යන්න ඕනි. ඒ වැඩපිළිවෙල නාමල් දැක්ම විදියට රට හමුවේ එළිදැක්වුවා. ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. මෙතෙක් ඔබ නිහඬව හිටියා නම්, විසි එක් වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහිං පොහොට්ටුව ඉදිරියෙන් කතිරයක් ගහලා නාමල්ගෙ ජය විජයග්රහණයක් කරන්නැයි මම ඔබට ආරාධනා කරනවා.
ඔබ සැමට ජයවේවා! මාතෘභූමියට ජය වේවා! නාමල්ට ජයවේවා!’’
ජනතාව නාමල් සමග
‘‘මහින්ද රාජපක්ෂ මහතා සිදු කර තිබෙන දැවැන්ත සංවර්ධනය දකුණට එන විට දැකගන්න පුළුවන්. මේ හම්බන්තොට භූමිය ආඩම්බරයක් ගෙන දෙන විදියට නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. හම්බන්තොට දිස්ත්‍රික්කයට වරායක් ගෙනාවා. ගුවන් තොටුපොල, සම්මන්ත්රණ ශාලා, රෝහල් ස්ථාපිත කර තිබෙනවා. එදා දුටුගැමුණු කුමාරයා සමග යුද්ධය දිනන්න මේ දකුණේ ජනතාව කටයුතු කරා. ඒ වගේම මෙවර ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂ මහතාට දිනන්න දකුණේ ජනතාව පෙරමුණ ගෙන ඉන්නවා. පසුගිය කාලයේ පොහොට්ටුව ඉවරයි කියලා බොහෝ පිරිසක් කිව්වා කිව්වා. නමුත් මේ රටේ ජනතාව ඉන්නේ නාමල් රාජපක්ෂ මහතා සමග බව කියන්න අවශ්‍යයි. අපේ රට ආරක්ෂා වුනොත් තමයි හෙට දවසේ අපට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ ජනතාව ඉන්නේ බෞද්ධ සංස්කෘතියත් සමග බැඳිලයි.
අනෙකුත් ආගමිකයන් ද ඉන්නේ බෞද්ධ සංස්කෘතිය නිසයි. එහෙම තිබෙන රට කෑලි කෑලිවලට බෙදන්න දෙන්නේ නෑ. අපේ ආදරණීය මිනිසා වන මහින්ද රාජපක්ෂ මහතා මතකයට ගෙන එළඹෙන විසි එක් වෙනිදා නාමල් රාජපක්ෂට ඡන්දය දෙන්න. එදා මහින්ද රාජපක්ෂ මහතාට විවිධ චෝදනා ආවා. ත්රස්තවාදීන්ට මුදල් දුන්නා කිව්වා. යුද්ධය අවසන් කරාම ඒ කටවල් වැසී ගියා. යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහතාට දෙන්න ඒ අය කැමති නෑ. නමුත් යුද්ධය අවසන් කොට මේ රට සංවර්ධනය කරන්න නාමල් රාජපක්ෂ මහතා පියවර ගත්තා.’’
රට බංකොලොත් කළ කණ්ඩායම
‘‘අපේ කඳවුර ඉවත්ව ගිය පිරිසක් යළි අපිත් සමග එක්වී සිටිනවා. ඒ අයට සල්ලිත් නෑ. ගෞරවයක් නෑ. මේ ප්‍රදේශය සංවර්ධනය කළේ අපි. තිස්සමහරාමය අද දියුණු නගරයක් බවට පත්ව තිබෙනවා. දෙදහස් පහළවෙන් පස්සේ හම්බන්තොට වරායට මොකක්ද වුණේ. වරායට ආව නැව් ටික නතර කරා. නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් වූ විනාශයට පත් කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු වෙනවා. මේ රට බංකොලොත් කළ අයගෙන් කණ්ඩායමක් අද රනිල් වික්‍රමසිංහ සහ ප්‍රේමදාස මහත්වරු ළඟ ඉන්නවා. ඒ කණ්ඩායමේ එක අවස්ථාවක රට සංවර්ධනය කරන්නත් උදව් කලා. නමුත් අද ඔවුන් ඉන්නේ වෙනම කඳවුරක. එදා දකුණු කොළඹ වරාය හදන්න උත්සාහ කළා. නමුත් බැරි උනා. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාද ඇතිව දකුණු කොළඹ වරායත් අපි නිර්මාණය කළා.
ළාබාල ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
වරාය අධිකාරියේ මුදලින් නැගෙනහිර පර්යන්තරය සංවර්ධනය කරා. අපි විශාල සංවර්ධන වැඩ කොටසක් සිදුකරා. අපි කොළඹ වරායට දොඹකර තුනක් ගේන්න සැලසුම් කරා. නමුත් යහපාලන ආණ්ඩුවෙන් එය නතර කරා. නමුත් මේ මෑතකදී ගෙනත් සවිකර තිබෙනවා. උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය දෙදහස් පහළවේ අවසන් වෙන්න තිබුණා. නමුත් ඒක අතරමග නතර කරන්න ඇතමුන් කටයුතු කළා. මෙවැනි සංවර්ධන ව්‍යාපෘති රටට අවශ්‍ය වෙනවා. එදා ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට විදියට බෙලිඅත්ත ආසනයෙන් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගියා. ඒ වගේම මෙවර ලාබාල ජනාධිපතිවරයා විදිහට නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බලයට පැමිණෙනවා.’’
රාජපක්ෂවරු හොරකම් කරා ද?
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරලා රට බේරගත්ත නායකයන්ට චෝදනා එල්ල කරනවා. රට බංකොලොත් කලේ කවුද කියලා පහුගිය දවස්වල කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. රාජපක්ෂවරුන්ට තියෙන චෝදනා මොනවා ද. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවා තිබූ බදු අඩු කළා කියලයි. ඒ අධිකරණ තීන්දුවට අනුව පැහැදිලි වන්නේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා චෝදනා එල්ල කිරීම පමණයි. ඒ වගේම පසුගිය දවසක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කර කියනවා රාජපක්ෂවරු හොරකම් කරා යයි ඔප්පු කරන කිසිදු සාක්ෂියක් නෑ කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ රටට විශාල සංවර්ධන වැඩකොටසක් සිදු කරා. ඒවායින් රටට ආදායම් උත්පාදනය කළා. ගුවන්තොටුපළවල් ස්ථාපිත කරමින් මේ රට ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටක් බවට පත්කරා. නමුත් පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදය තත්ත්වයේ දී තෙල් පෝලිම ගෑස් පෝලිම නැති කරා කියලා අද අපේ කඳවුරේ සිටි විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඉදිරිපත් වුණා. නමුත් තෙල් ටික ඖෂධ ටික ආහාර ටික ගේන්න අවශ්‍යය ඩොලර් බිලියන හතර ඉන්දියාවෙන් ලබාගන්න සාකච්ඡා කළේ එවකට මුදල් ඇමතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතායි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයෙන් නාමල් රාජපක්ෂ මහතා දිනවිය යුතු වෙනවා.’’
ජවිපෙ බොරුව සහ වෛරය වපුරනවා
‘‘දෙදහස් විසි හතර ජනාධිපතිවරණය ළඟ ළඟ එනවා. සමීක්ෂණ වාර්තාවලට අනුව සිව්වන ස්ථානය කුමාර දිසානායක මහතාට හිමිවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර දෙවැනි සහ තුන්වෙනි ස්ථාන බෙදී යනවා. ඒ අනුව පැහැදිලිව නාමල් රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණ ජයග්‍රහණය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ බොරුව සහ වෛරය වපුරවනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට සුවිශේෂී වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා දිනවන්න මේ රටේ ජනතාව සූදානමින් ඉන්නවා. එදා මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කරන විට විපක්ෂයේ අය විවිධාකාරයේ අවලාද නැගුවා. නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන්න සුදුසුකම් තිබෙනවා. ඒ වගේම හැකියාවත් තිබෙනවා.
කියන්නෙ කරන්න පුළුවන් වැඩ
අද දේශපාලන වේදිකාවේ විවිධ අය විවිධ පොරොන්දු දෙනවා. නමුත් නාමල් රාජපක්ෂ මහතා කරන්න පුළුවන් වැඩ පමණයි කියන්නේ. බොරු පොරොන්දු දීලා ඡන්ද ගන්න බලන්නේ නෑ. නමුත් අනෙක් සියලු අපේක්ෂකයන් බොරු පොරොන්දු ලබා දෙනවා. ඡන්දයෙන් ජනාධිපති වෙන්න නොහැකි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් ජයගන්න විවිධ උත්සාහයන් ගන්නවා. ඒ කිසිවක් සාර්ථක වන්නේ නෑ. අපේ කඳවුරේ සිටි විශාල පිරිසක් අද රනිල් වික්‍රමසිංහගේ කඳවුරේ ඉන්නවා. මහින්ද රාජපක්ෂගෙන් පස්සේ පොහොට්ටුවට නායකයෙක් ඉන්නවා ද කියා ඇතමුන් ඇහුවා. නමුත් ශක්තිවන්ත නායකයෙක් හැටියට නාමල් රාජපක්ෂ දිනන අපේක්ෂකයා බවට පත්ව සිටිනවා. රට ම දිනා ගැනීමේ හැකියාව ඒ මහතාට තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල ජයග්‍රහණයක් ලබනවා.’’
13 ක්‍රියාත්මක කරනනෙ නෑ
‘‘එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් කීපදෙනෙක් ඉදිරිපත් වී සිටිනවා. තරුණ අපේක්ෂකයෙක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂ මහතා ඒ අතර වෙනවා. ඒ අපේක්ෂකයන් වේදිකාවේ විවිධ පොරොන්දු ලබා දෙනවා. ඇතමුන් ලබා දෙන්නේ කවදාවත් කරන්න පුළුවන් පොරොන්දු නෙවෙයි. නමුත් නාමල් රාජපක්ෂ මහතා කරන්න පුළුවන් වැඩ කොටස කියා තිබෙනවා ඒ වගේම දහතුන්වන අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය කිසි විටෙකත් ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ මහතා කියා තිබෙනවා. ඒ වගේම ඉඩම් සහ පොලිස් බතල දෙන්නෙත් නෑ. ඒකීය රටක් හැටියට තිබෙන ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට ඉඩ තබන්නේ නෑ.එදා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයර ඉදිරිපත් වුණා.’’