theleaderlk 01

දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ගේ

ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ඊයේ (18) සිදු කෙරිණ.

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ මෙම ජාතික ප්‍රතිපත්තිය සකසා තිබෙන්නේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගේ පුර්ණ මගපෙන්වීම සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ගේ එකඟතාවය මත පත් කළ කමිටු 03 ක් පුළුල් ලෙස තොරතුරු රැස්කර, විශ්ලේෂණය කිරීමේ නිසි යාන්ත්‍රණයකින් අනතුරුව ය.


මුඛ්‍ය අරමුණ

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා නීති රාමුවක් සපයා තිබුණ ද, ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාය පැන නැගුණේ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය වී නොතිබීම හේතුවෙන් මෙන් ම  ගුණාත්මකභාවයෙන් යුත් ඵලදායී සහ ආරක්ෂිත දේශීය වෛද්‍ය සේවාවක් සැපයීම සම්බන්ධව සහ දේශීය වෛද්‍ය ක්‍රමය තාර්කික භාවිතය පිළිබඳ ගැටලු රැසක් ඉස්මතු වී තිබීම හේතුවෙනි. එමෙන්ම  සේවා සැපයීමේ දී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සහ දේශීය වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කිරීම තුළින් අනාගත පරම්පරාවට ගුණාත්මක සහ ශක්තිමත් වෛද්‍ය ක්‍රමයක් තිළිණ කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ.


වලංගුතාව දස වසරක්

දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා ජාතික ප්‍රතිපත්තියක්, නිශ්චිත විධිමත් සැලැස්මක්  සහ කාලරාමුවක් තුළ කෙටුම්පත් කරලීම සිදුවුයේ ජාතික ප්‍රතිපත්ති අවශ්‍යතාව පිළිබඳ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ සමාජ කතිකාව පිළිබඳ මුලික අධ්‍යනයකින් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා අනෙකුත් මුල්‍ය ආයතනවල දායකත්වය සහ මග පෙන්වීම යටතේ ය.

1961 අංක 31 දරණ ආයුර්වේද පනත මගින් දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා නෛතික රාමුවක් පිළයෙල කර තිබුණ ද, මෙම  දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කර තිබෙන්නේ දේශීය වෛද්‍ය සේවාව උදෙසා රජයේ දිශානතිය යොමු කිරීම උදෙසා ය. ආයුර්වේද දෙපාර්තුමේන්තුව මගින් මෙම ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කළේ රටක් ලෙස ඉදිරියේ දී විවිධ රජයන් විසින් දේශීය වෛද්‍ය අංශයේ සංවර්ධනය සදහා සැලසුම් සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීමේ දී, 2024-2034 වර්ෂ දක්වා මෙම ජාතික ප්‍රතිපත්තිය සමග අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කරලීමට ප්‍රතිපාදන වෙන් කිරීමේ අරමුණින් ය.

මෙම අවස්ථාවට, ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ටී.තෙන්නකෝන් යන ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

xfgt4363f

pe2024 2

worky sin

නවතම පුවත්