ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ
සභාපති සමන් රත්නායක සියලුම පාර්ශවවලින් ඉල්ලීමක් කරයි.
ඇතැම් සමාජ මාධ්‍ය ජාලාද නිල ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීම කරන්නේය.
මේ අතර ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථානයන්හි සහ ඒ අවට ප්‍රදේශවල මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව දඬුවම් ලබාදෙන බවද සභාපතිවරයා කීවේය.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15 ට පමණ ආරම්භ කිරීමට නියමිතය.
ගණන් කිරීම අවසන්වී ප්‍රතිඵල ලැබුණු පසු ඒවා මාධ්‍යයට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති ඡන්ද කාර්යාල ඉවත් කිරීම නොකළහොත් පොලිසිය යොදවා ඉවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ නිලධාරීහු පවසති.
( lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ)