රාජ්‍ය නිළධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබේ.
දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර පැවසුවේ ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු මෙලෙස ඉවත් කළ බවය.
අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කලමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබුණි.
ඒ අනුව අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19දෙනා අතුරින් නිලධාරීන් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් තිරිමට පියවර ගෙන තිබේ.
එලෙස මැතිවරණ රාජකාරිවලින් ඔවුන් ඉවත් කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ නිලධාරින් මේ වනවිට සම්පුර්ණ කර ඇති බවද හම්බන්තොට දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර ප්‍රකාශ කළේය.
ඡන්ද රාජකාරිය මගහරින නිලධාරීන්ට දඬුවම්
මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ට ලබාදී තිබෙන පත්වීම් ලිපි කිසිදු අයුරකින් වෙනස් කිරීමක් හෝ අවලංගු කිරීමක් සිදු නොකරන බවත්, රාජකාරි පවරන නිලධාරීන් සේවයට වාර්තා නොකරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
මැතිවරණ රාජකාරි කටයුතු සඳහා සියලුම නිලධාරීන් පත්කර අවසන් බවත්, ඔවුන්ට අවශ්‍ය උපදෙස් සියල්ලම ලබාදී ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලබාගත් නිලධාරීන් අනිවාර්යයෙන්ම, නියමිත දිනයේදී නියමිත ස්ථානවලට වාර්තා කළයුතු බවත්, උපදෙස් පන්තිවලට සහභාගිවූ නිලධාරීන්ට මෙතෙක් පත්වීම් ලිපි ලැබී නොමැති නම් අදාළ ප්‍රදේශයේ මැතිවරණ කාර්යාලයෙන් එය නිරාකරණය කරගැනීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා කීවේය.
(adaderana.lk)