කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව හා පරිබාහිරව විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් ඡන්ද විමසීම පිළිබඳ වරින් වර නිකුත් කරන
විවිධ ප්‍රකාශවලට නොරැවටෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම කරුණු ඇතුළු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් අවධාරණය කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වසනීය භාවයෙන් යුතුව පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මේ වනවිට ගෙන ඇතිබවය.
ඊට අදාළ සියල්ල ව්‍යවස්ථාපිත කළ යුතු කාර්යන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතන හරහා මහජනතාව දැනුවත් කර ඇතිබවද ඔහු සඳහන් කරයි.
එහෙත් විවිධ පුද්ගලයන් සහ සංවිධාන, කොමිෂන් සභාවේ උපදෙස්වලට පටහැනිව හා පරිබාහිරව ඡන්ද විමසීම පිළිබඳ වරින් වර විවිධ ප්‍රකාශ නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ අනුව විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් මේවනවිට ඡන්ද සලකුණු කරන ආකාරය, ඡන්ද හා මනාප ගණන් කරන ආකාරය, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරණ කටයුතු හා වෙනත් පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් එලෙස ප්‍රකාශ නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇති බවත් ඔහු පවසයි.
එම ප්‍රකාශ සඳහා මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදෙමින් තිබෙන බවත් ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන බවත් එවැනි කිසිදු ප්‍රකාශයක නිල වලංගුතාවක් නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අවධාරණය කරයි.
ඡන්ද විමසීම සඳහා ඕනෑම තොරතුරක් පුරවැසියන්ට මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමට හැකි බවත් ජනාධිපතිවරණයේදී ජනතාවට දැනගැනීමට අවශ්‍ය සියලු තොරතුරු ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන බවත් ඒ හේතුවෙන් විවිධ පුද්ගලයන් සහ සංවිධාන විසින් නිකුත් කරනු ලබන ප්‍රකාශ සඳහා නොරැවටෙන ලෙසත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.