theleaderlk 01

වසර 2022දී  බංකොලොත්භාවයකට පත් වූ ශ්‍රී ලංකාව වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට අද වනවිට

 බංකොලොත්භාවයෙන් මිදීම ආර්ථික වශයෙන් බිඳ වැටුණු රාජ්‍යයන් ගොඩඒමට ආදර්ශයක් කර ගත යුතු ලෝක තත්ත්වයකැයි මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද ඩොලර් බිලියන 84ක ණය කන්දක් ආපසු ගෙවීම සඳහා තුන් ආකාරයකට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට මේ වනවිට ආණ්ඩුව සමත් වී තිබේ. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය කොට සහන ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇතැයි ද ඔහු කීය.

ඊට අමතරව කවුරු රට පාලනය කළ ද ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත් නොවන තැනට කටයුතු කිරීමට අදාළ අණ පනත් පහක් මේ වනවිට ආණ්ඩුව සම්මත කොට ගෙන තිබෙන බව ද හිටපු ලේකම්වරයා අවධාරණය කළේය.

හිතුමතේට මුදල් මුද්‍රණය කිරීමට වැට බඳින ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකු පනත ගෙනවිත් තිබේ. හිතුමතේට ජනතා මුදල් දේශපාලන වුවමනාකම් මත වියදම් කිරීම ඇහිරීමට රාජ්‍ය මූල්‍ය වගකීම් කළමනාකරණ පනත ගෙනවිත් තිබේ.

රජයට ණය පහසුකම් ලබා ගැනීමේදී දැඩි විනයක් ඇතිව කටයුතු කිරීමට මඟපාදන රාජ්‍ය ණය කළමනාකරණ පනත ගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකය වේගයෙන් දියුණු කිරීම සඳහා ආර්ථික පරිවර්තන පනත හඳුන්වා දී ඇත.

දූෂණය සහ අල්ලස වැළැක්වීමට ජාතික දූෂණ විරෝධී පනත සම්මත කොට ඇත. මේ ප්‍රධාන පනත් පහ ඇතුළු අනෙකුත් නීති ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැනීම ගත වූ දෙවසරක පාලනය කාලය තුළ සිදුවූ සුවිශේෂී කාර්ය බව ද හිටපු ලේකම්වරයා පැහැදිලි කළේය.

(ජේ. මුණසිංහ)

pe2024 2

worky sin

නවතම පුවත්