theleaderlk 01

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ විය.


ඒ අනුව අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

 උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියි.

2024 ජනාධිපතිවරණය සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් ඇතුළුව සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354කි.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙවර ඉදිරිපත්ව ඇත. ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් එක් අපේක්ෂකයෙක් වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ අභාවයත් සමග එය 38 දක්වා අඩු විය.

2022 වසරේදී රට දරුණු ආර්ථික අර්බුදයකට පසු මුහුණදීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

image 3e3db1d499                    රට දරුණු ආර්ථික අර්බුදයකට පසු මුහුණදීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය


මැතිවරණ දිස්ත්‍රීක්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත්‍රීක්කය බවට ගම්පහ දිස්ත්‍රීක්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රීක්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අනෙකුත් දිස්ත්‍රීක්කයන්හි ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යා මෙසේය.

කොළඹ දිස්ත්‍රීක්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව  - 1,765,351

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව  - 1,417,226

මහනුවර දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව - 1,191,399

කළුතර දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව - 1,024,244

රත්නපුර දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව - 923,736

ගාල්ල දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව -  903,163

අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව - 741,862

කෑගල්ල දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව -  709,622

බදුල්ල දිස්ත්‍රීක්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව  - 705,772

මාතර දිස්ත්‍රීක්කයේ සංඛ්‍යාව - 686,175

පුත්තලම දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව-  663,673

නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව -  605,292

යාපනය සහ කිලිනොච්චිය ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත්‍රීක්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව - 593,187

දිගාමඩුල්ල දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව - 555,432

 හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව - 520,940

මඩකලපුව දිස්ත්‍රීක්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව - 449,686

මාතලේ දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව -  429,991

මොනරාගල දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව -  399,166

පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව - 351,302

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව -  315,925

අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත්‍රීක්කය බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත‍්‍රික්කය වන අතර එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක් බව  මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වැඩිම ඡන්දදායකයින් පිරිසක් සහිත ඡන්ද බලප්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම ඡන්ද බල ප්‍රදේශය වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 215,075 දෙනෙකි.

මැතිවරණ ප්‍රතිපල theleader.lk සජීවී විකාශයට පස්වරු 06 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

PHOTO 2024 09 20 22 10 45

pe2024 2

worky sin

නවතම පුවත්