ඊයේ (20) ඊශ්‍රායල ගුවන් මිසයිල ප්‍රහාරයෙන් මියගිය හමාස් නායක ඉබ්‍රහිම් අඛිල් (Ibrahim Aqil), 1983 ලෙබනනයේ බීරුත් (Beirut) හි පුද්ගලයින් 300ක ට අධික
පිරිසකට මරු කැඳවමින් සිදුකළ ට්‍රක් රථ බෝම්බ පුපුරවාහැරීම් දෙකකට අත්‍යවශ්‍යව සිටි අයකු බව එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සහ එරට නාවික හමුදා මධ්‍යස්ථානයකදී එම ද්විත්ව පිපිරීම් සිදු කෙරිණි.
අපරාධය සිදු කිරීමත් සමග, ඔහුගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියන 7 ක ත්‍යාගයක් ලබාදෙන බවට එක්සත් ජනපදය නිවේදනය කළේය.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිය ජ්‍යෙෂ්ඨ හමුදා නායකයා ජීවිතක්ෂයට පත්වූ බව ලෙබනනය විසින් ද තහවුරු කර ඇත. ඔහු ටහ්සින් (Tahsin) සහ අබ්දෙල්ඛදෙර් (Abdelqader) යන අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටි අයකු බවද පැවසේ.
1983, ලෙබනනයේ ඇමෙරිකානු තානාපති කාර්යලයේ සිදුකළ ට්‍රක් රථ බෝම්බ පිපිරුමෙන් පුද්ගලයින් 63 දෙනකු මිය ගිය අතර, ඊට මාස කිහිපයකට පසු එරට, ඇමෙරිකානු නාවික හමුදා මධ්‍යස්ථානයක සිදුකළ තවත් එවැනිම ප්‍රහාරයකින් පුද්ගලයින් 241 දෙනකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
අඛිල් 1960 දී උපත ලැබුවකු බව සඳහන්ය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Killed Hezbollah commander Aqil was wanted for deadly 1983 US embassy, Marine blasts