අවශ්‍ය වුවහොත් ඇඳිරිනීතිය පනවන බවත් ප්රචණ්ඩත්වය ඇති වුවහොත් එය දැඩිව ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් අද
ජනමාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.
“ජනාධිපතිවරණය සාමකාමීයි. මේ වාතාවරණය දිගටම පවත්වාගෙන යන ලෙස මම මහජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි උපරිමයෙන් කටයුතු කර තිබෙනවා,” යයි ද ඇමැති අලස් සඳහන් කළේය.
මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ සාමකාමී බව ඉදිරියටත් රැකගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඉල්ලීමක් කර තිබේ.
අද (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මේ වන විට ජනාධිපතිවරණයට අදාළව කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බවද වාර්තා වේ.