ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වූ ඡන්ද වීමසීම අද උදෑසන 7ට ආරම්භ වී අද පස්වරු 4ට අවසන් විය.
අපේක්ෂකයින් 38 දෙනෙකු මෙවර ජනාධිපතිවරණ තරග බිමට එක් වූ අතර මෙවර සඳහා නව ඡන්දදායකයන් ලක්ෂ 9කට ආසන්න පිරිසක් ඇතුළුව සමස්ත ඡන්දදායකයන් මිලියන 17ක් සුදුසුකම් ලබා තිබුණි.
ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පැවසුවේ ය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් සැප්තැම්බර් 21 වන දින, එනම් අද දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, තැපැල් ඡන්ද ගණනය කිරීම සවස 5.00ට ගණන් කිරීමේ මධ්‍යස්ථාන 429කදී ආරම්භ කළ බවත් පළමු ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ය.
මේ අතර අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් දැක්වෙයි.
කළුතර- 75%
ගාල්ල- 74%
වවුනියාව- 72%
මන්නාරම- 72%
බදුල්ල- 73%
හම්බන්තොට- 78%
කෑගල්ල- 75%
අනුරාධපුර- 75%
මඩකලපුව- 69%
නුවරඑළිය - 80%
මොනරාගල - 77%
පොළොන්නරුව - 78%
රත්නපුරය - 75%
ගම්පහ - 80%
කොළඹ - 75% - 80%
අම්පාර - 70%
කිලිනොච්චිය - 68%
පුත්තලම - 75%