ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්රතිඵල අද (22 වැනිදා) සවස් වන විටදී ලබාදී අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පැවැසීය.
අපේක්ෂකයකු සියයට 50 ක ඡන්ද ප්රතිශතයක් සහ තවත් එක් ඡන්දයක් ලබා ගතයුතු අතර, කිසිදු අපේක්ෂකයකු එම ඡන්ද ප්රතිශතය ලබාගෙන නොමැති නම් මනාප ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම කියයි.
මනාප ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් සූදානම් කර ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
සමස්ත මැතිවරණ ප්රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිධුරය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයා කවුදැයි ප්රකාශයට පත්කිරීමට නියමිතය.
මීළඟ ජනපති අනුර බව පැහැදිලියි - ජනාධිපති නීතීඥ සාලිය පීරිස්
අවසන් ප්රතිඵලය තවම ප්රකාශයට පත් කර නැතත්, ශ්රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක බව මේ වනවිට පැහැදිලි බව ශ්රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අවධාරණය කරයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව අවධාරණය කරන අතර එම නිවේදනය පහතින් දැක්වේ.