ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා ඊයේ (22) පැවැත් වූ ඡන්ද වීමසීමේ දී මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව
තවමත් කිසිදු අපේක්ෂකයෙකු 50% ප්‍රතිශතය ඉක්මවා නොමැත.
ඒ මත තත්වය තුල දෙවෙනි මනාපය ගණන් කිරීමට බොහෝදුරට නියමිතව ඇතැයි මැතිවරණ කොමිසමේ නිල නොවන ආරංචි සඳහන් කරයි.
දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටියි. දෙවන ස්ථානයේ පසුවන්නේ සජිත් ප්‍රේමදාස යි. කෙසේවුවද ඔවුන් දෙදෙනා අතර සියට 10කට වැඩි පරතරයක් ඇත.
වසර 1982 න් ආරම්භ වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ කිසිදු අපේක්ෂකෙයකු සියයට පනහ ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වේ.
ජනාධිපතිවරණයකදී කිසියම් අපේක්ෂකෙයකු ජයග්‍රාහකයා වශයෙන් පත්වීමට නම් දෙන ලද වලංගු ඡන්දවලින් 50% ක් හා තවත් ඡන්දයක් (50% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක්) ලබා ගත යුතු බව ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනතෙහි දැක්වෙන අතර 1982 සිට මේ දක්වා පැවැති ජනාධිපතිවරණවලදී ජයග්‍රහණය කළ සෑම අපේක්ෂකෙයකුම 50% ඉක්මවා ඡන්ද ලබා ගත් හෙයින් කිසිදු අවස්ථාවක දෙවැනි තුන්වැනි මනාප ගණනය කිරීමක් සිදු කර නොමැත.
එබැවින් මුල්වරට දෙවැනි සහ තුන්වැනි මනාප ගණනය කිරීමෙන් ජයග්‍රාහකයා තෝරන ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගතවේ.
1982 සිට පැවති ජනාධිපතිවරණවලදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඇත්තේ 1994 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු පෙරමුණේ අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එහිදී ඇය හිමි කර ගත් මුළු ඡන්ද ප්‍රතිශතය 62.28% කි.
2010 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ 57.88% ක ඡන්ද ප්‍රතිශතයක් ද ලබා ගත්හ.
2015 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ මෛත්‍රීපාල සිරිසේන 51.28% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්හ.
2019 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 52.25% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.