මෙවර ජනාධිපතිවරණයේ දී ජාතිවාදය ඉස්මතු නොකරන සුවිශේෂ ජයග්‍රහණයක් හිමිකරගත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට
සිය සුබ පැතුම් එක් කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එම්.ඒ සුමන්දිරන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ, සිය X ගිණුමෙ හි සටහනක් තබමිනි.
තම පක්ෂයේ උපදෙස් මත වෙනත් අපේක්ෂකයින්ට ඡන්දය භාවිත නොකර මැතිවරණ සිතියමේ වෙනසක් පෙන්නුම් කළ උතුරු - නැඟෙනහිර ජනතාවට තමන් ස්තූතිවන්ත වන බවත් ඔහු සඳහන් කර ඇත.