theleaderlk 01

රනිල්ට ආසන්නව ඡන්ද ලක්ෂ 22 ක් ද, නාමල්ට ඡන්ද තුන් ලක්ෂ තිස් දහසක් (ආසන්නව) ලැබී ඇත.

අනුර සහ සජිත් අතර ඡන්ද පරතරය දොලොස් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්නය.  

සජිත් ප්‍රේමදාස 2019 ඡන්ද ලක්ෂ 5,564,000 (41.99%) ක් ලැබීය. එය මෙවර  4,241,434 ට එනම්, චන්ද ලක්ෂ ලක්ෂ 13 කින් අඩුවී ඇත.

දෙවනි මනාපයෙන් සජිත් ජයගන්නට නම් සරළවම, රනිල්, නාමල්, අරියනේත්‍රම්, දිලිත් ඇතුළු අයට ප්‍රකාශයට පත් ඡන්ද ලක්ෂ විසි හතකට වැඩි ඡන්ද අතරින් පංගුවක් 13 ක් (තාර්කිකව) අනුරට වඩා ලැබිය යුතුය.

සජබ තමන්ට දෙවනි මනාපය එපා යැයි සිය සමාජ මධ්‍ය මගින් ප්‍රකාශ කළේය.  මෙය ජනාධිපතිවරණයේ සිදු කළ අමන, තකතීරු, කුජීතම මරිමෝඩ තීරණය වූවේය.

 

460618576 1434322094198619 6805235079730837136 n
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙවන මනාපය ලබා දෙන ලෙස රැස්වීම්වල පැවසූ විට එම කතාව නවත්වන්නට උපදෙස් දුන්නේය.

සජිත් ට මෙම මැතිවරණයේ පහසුවෙන්ම දිනාගත හැකිව තිබු, රනිල් වික්‍රමසිංහට ලැබුණු ඡන්දයේ දෙවන මනාපය ඔවුන් අතහැර දමනු ලැබීය.  

සජිත් ට ජයග්‍රහණය පිළිබඳ තබා ගත හැකිව තිබූ පුංචිම පුංචි බලාපොරොත්තු එම අමන මරිමෝඩ තීරණය නිසා නැති කර ගත්තේය.

අනෙක් අතට, සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු වන අනුර, නිශ්චිතවම තමන්ට දෙවන මනාපය හිමි නොවන බව දැන තනි මනාපයට කැම්පේන් කළේය. දෙවන මනාපය ගැස සමාජ මාධ්‍යයේ ලියන විට එයට අධෛර්ය කරන්නට, තලා තමන්නට සක්‍රීය වූවේය.  

සජබ කිසිදු තාර්කික පදනමක් නොමැතිව, අන්ධව ‘මනාපය එපා. සජිත්ට කතිරය විතරයි. කැම්පේන් එකට කර ගසා දෙවන /තුන්වන මනාපයේ වාසිය නැති කර ගත්තේය.

Anura1images

අනුර ඡන්දය දිනා අවසන්ය.  ඒ සජබ තම අතින්ම මනාප එපා කියා, මනාප කැම්පේන් එක විනාශ කර ගත් නිසාය.

දේශපාලනය කලාවකි.  

මැතිවරණ යනු විද්‍යාවකි.  

එම විද්‍යාව නොතේරෙන කිසිවෙකු මැතිවරණයකින් ජයගන්නේ නැත.

අනුර කුමාර දිසානායක ඔබ බුද්ධිමත් ය. උපක්‍රමශීලීය.  ඔබ ජයග්‍රහණයේ හිමිකරුය!  

Rajith Keerthi
(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

pe2024 2

worky sin

නවතම පුවත්