theleaderlk 01

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක (AKD)තේරී පත් වී තිබේ.

ඒ අනුව අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට උදෑසන (23) වැඩ භාරගැනීමට නියමිතය.

මනාප ඡන්ද ගණනය කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5,740,179කි.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස ඡන්ද 4,530,902ක් ලබාගෙන තිබේ.

මෙවර ජනාධිපතිවරණය ඉතිහාස ගත වුණේ මනාප ඡන්ද ගණන් කළ පළමු අවස්ථාව ලෙසය

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පළමු ස්ථානය හිමි කරගෙන තිබිණි.

සජිත් ප්‍රේමදාස දෙවන ස්ථාන හිමි කරගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාට ම 50% ප්‍රතිශතය ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව, අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915 ලබා ගෙන ඇති අතර එහි ප්‍රතිශතය 42.31%කි.

සජිත් ප්‍රේමදාස ඡන්ද 4,363,035 ලබාගෙන 32.76%ක ප්‍රතිශතයක් හිමි කරගෙන තිබිණි.

ඒ අනුව, අනුර කුමාර දිසානායක මූලික වටයේ ඡන්ද ගණනය කිරීම අනුව, සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද 1,271,880ක් ලබා සිටියේ ය.

කෙසේ වෙතත්, දෙදෙනාට ම 50% ඉක්මවා ඡන්දය ලබා ගැනීමට නොහැකි වී ඇති හෙයින් දෙවන සහ තෙවන මනාප ගණන් කෙරිණි.

තෙවන ස්ථානයේ පසු වූ රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767 ලබා ගත් අතර එහි ප්‍රතිශතය 17.27%කි.

(BBC සිංහල සේවය)

election result 2024

pe2024 2

worky sin

නවතම පුවත්