theleaderlk 01

නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඊයේ (22) රාත්‍රීයේ ම

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇත.

සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග මෙතෙක් පැවති අමාත්‍ය මණ්ඩලය අහෝසි වනු ඇත.

කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයා සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිතය. 

pe2024 2

worky sin

නවතම පුවත්