theleaderlk 01

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය සෙනසුරාදා දිනයේ පවත්වනු ලැබීය.

මැතිවරණයේ දී ප්‍රකාශ කළ ඡන්දවලින් හරි අඩකට වඩා කිසිදු අපේක්ෂකයෙකුට ලබා ගත නොහැකි වීම හේතුවෙන් පළමු සහ දෙවනි ස්ථානවල සිටි අපේක්ෂිකයින් සඳහා ලැබුණු දෙවන සහ තුන්වන මනාප ගණනය කිරීම සිදුකළේය.

එහිදී මනාප 105,264ක් ලබා ගත් අනුර කුමාර දිසානායක හිමි වු අතර සජිත් ප්‍රේමදාස ට මනාප 167,867ක් හිමි වුණි.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද සංඛ්‍යාව 5,740,179ක් දක්වා ඉහළ ගිය අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් දක්වා ඉහළ ගියේය.

එම ඡන්ද ප්‍රතිඵලවලට අනුව මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා පත්කරගනු ලබන බව ඊයේ (22) රාත්‍රී මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේ දී කොමිෂන් සභාවේ, සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේය.

ඒ අනුව, 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක අද උදෑසන (23) සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ දී නොබෝ වේලාවකින් දිවුරුම් දීම ඇරඹේ.

pe2024 2

worky sin

නවතම පුවත්