නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීම නිවේදනය කිරීමෙන් පසු ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුම සිය ධුරවලින් ඉල්ලා අස්වීම ඊයේ (22) රාත්‍රීයේ
ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇත.
ඒ අනුව, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ උතුරු මැද ආණ්ඩුකාර මහිපාල හේරත් ඊයේ (22) දිනයේම සිය ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.
අනෙකුත් ආණ්ඩුකාරවරුන්ද අද දිනයේදී ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.