වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඊයේ (22) දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම්දීමට කටයුතු කර තිබුණි.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක පත් වීම නිවේදනය කිරීමෙන් පසු ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති අතර මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ උතුරු මැද ආණ්ඩුකාර මහිපාල හේරත් සිය ඉල්ලා අස්වීම සිදුකොට තිබුණි.
අනෙකුත් ආණ්ඩුකාරවරුන්ද ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.