theleaderlk 01

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  උපදෙස් ලබා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල ට  එජාප නායකයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කිරීමේ වගකීම පවරා ඇත.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත .

එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙන්නේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන කාර්යාලයේ අද (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදීය.

(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)

pe2024 2

worky sin

නවතම පුවත්