theleaderlk 01

අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.


දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණි අභිනව ජනාධිපතිවරයාව දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල විසින් සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

අනතුරුව දළදා සමිඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

ජනාධිපතිවරයා ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



345fgfg

අභිනව ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති ධූරයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව ප්‍රමුඛ අනුනායක හිමි දෙපල ඇතුළු මහා සංඝරත්නය  එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර නව ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.ඩී. ලාල් කාන්ත, බිමල් රත්නායක ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

zdtw454

pe2024 2

worky sin

නවතම පුවත්