theleaderlk 01

පසුගිය ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගය ද රටට ලබාදුන් ප්‍රධානතම පොරොන්දුවක් වන විධායක ජනාධිපති

ක්‍රමය අහෝසි කිරීම ඉතාමත්ම කඩිනමින් සිදුකරනු ඇතැයි තම සංවිධානය විශ්වාස කරන බව හිටපු කතානායක මෙන් ම සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය සඳහන් කරයි.

ඔහු මෙලෙස සඳහන් කර ඇත්තේ අභිනව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස සිය අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකිනි.  

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාදීම ද ඉතාමත් ම අත්‍යාවශ්‍ය කාරණයක් බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කෙරේ. එම වැඩ පිළිවෙළ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම ද, එහි දී ඒ සඳහා සියලු ම පාර්ශ්වයන්හි සහාය සහ දායකත්වය ලබා ගැනීම ද රට වෙනුවෙන් සිදුකළ යුතුව ඇති වැදගත්ම කාර්යයක් බව ද සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මතු දැක්වෙන්නේ එම ව්‍යාපාරය විසින් නිකුත් කරනු ලැබ තිබෙන සම්පූර්ණ නිවේදනය යි.

(සටහන - ජයසිරි අලවත්ත)

IMG 1066IMG 1067

pe2024 2

worky sin

නවතම පුවත්