theleaderlk 01

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අද (24) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැවසීය.

මහ මැතිවරවරණය ළගදීම පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන නිසා ඊට අදාල බිම් මට්ටමේ සැළසුම් සකස් කරන බවත් එම පක්‍ෂය ප්‍රබල පක්‍ෂයක් ලෙස නැවත නැගී සිටීමට කටයුතු කරන බවත් ඔහු කීය.

එළඹෙන මහ මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව ද මහින්ද රාජපක්‍ෂ වැඩි දුරටත් සඳහන් කළේය. 

(lankadeepa.lk - යොහාන් භාසුර)

pe2024 2

worky sin

නවතම පුවත්