මෙරට දේශපාලන ඉතිහාසයේ කුඩාම කැබිනට් මණ්ඩලය අද (24) පත් කෙරුණි.
මේ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ විජිත හේරත් කැබිනට් ඇමැතිවරුන් ලෙස පත්කර ඇත. ඔවුන් යටතට පැවරී තිබෙන කැබිනට් අමාත්‍යාංශ ගණන 15 කි.
ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ හතරක කැබිනට් ඇමැතිවරයා වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකය.
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය සහ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පත්කර තිබෙන අනෙක් අමාත්‍යාංශයන්ය.
අගමැතිනි හරිනි අමරසූරිය යටතට කැබිනට් අමාත්‍යාංශ පහක වගකීම් පැවරී තිබේ.
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය, වෙළෙද, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය යන අමාත්‍යාංශවල කැබිනට් ඇමැතිවරිය වන්නේ අගමැතිවරියයි.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ හයක කැබිනට් අමැතිවරයා ලෙස පත්කර ඇත්තේ විජිත හේරත් ය.
ඒ අනුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍යාංශවල කැබිනට් ඇමැතිවරයා වන්නේ ද විජිත හේරත්ය.