theleaderlk 01

රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ.


මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන රැසක් මේ වනවිට ගාලු මුවදොර අසල ගාල්කර ඇති අයුරු දැකගත හැකිය.

මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විවිධ කාර්යයන් සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන්ට නිකුත් කර තිබූ රජයේ වාහන 97 ක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී ඇති බවය.

එම වාහන පෙරේදා (24) සිට මෙලෙස ගාල්කර ඇත්තේ එම කාර්යාලයට යාබද ගාලු මුවදොර ආසන්නයේය.

එම වාහන භාවිත කළ පුද්ගලයින් නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග මෙලෙස වාහන ගාල්කර ගොස් ඇතැයි ඊයේ එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පැවසීය.

මෙලෙස ගෙනවිත් දමා ඇති රථවාහන දැකබලා ගැනීමට මහජනතාවද පැමිණ තිබුණි.

 

 

pe2024 2

worky sin

නවතම පුවත්