“අපි ඔක්කොම එකතුවෙලා වැඩ කළොත් මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන්” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත
වෙනුවෙන් පත් කරන ලද නව ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් අද (26) වැඩ භාරගනිමින් පැවසිය.
ඉතා චාම් වැඩ භාරගැනීමේ උත්සවයක් පවත්වමින් ඔහු පැවසූයේ “මම ව්‍යාපාරිකයෙක්. රටවල් 40ක් එක්ක ව්‍යාපාර කටයුතු කරනවා. මේ තනතුරට මට තියෙන සුදුසුකම මොකක්ද කියලා මම කල්පනා කළා. මට මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඒක තමයි සුදුසුකම.” යනුවෙන් පැවසීය.
එමෙන්ම මෙම පළාත තුළ වෙනසක් සිදු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අනුව යමින් ජනතාවට සේවය සැලසීම තම අරමුණ බව ද ඔහු අවධාරණය කළේය.