සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රධාන තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (27) කටයුතු කර ඇත.
ඒ අනුව 2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත්කර ඇත. මිට ඉහතදී එම පක්ෂයේ සභපති ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට පෙර ඉල්ලා අස්වී තිබිණ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ අනෙකුත් නිලධාරීන් තවදුරටත් එම තනතුරුවල කටයුතු කරනු ඇත.
මේ අතර 2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මෙන් ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පත් කර ඇති බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.