දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අවිහිංසාවාදී ලෙස ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී දිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ
සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් උතුරු පළාතේ සියළු දිස්ත්‍රික්කවල දී අනුස්මරණය කර තිබේ.
මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන් සැමරීම සඳහා යාපනය, නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ 37 වැනි මරණ සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 26 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වුණු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකාවක් විසින් උදෑසන 10.48 ට පහන් පත්තු කරමින් අනුස්මරණය ආරම්භ කර තිබුනේ තිස් හත් වසරකට පෙර තිලීපන් අවසන් හුස්ම පොද හෙලු වේලාව සිහිපත් කරමිනි. තිලීපන් අවසන් හුස්ම පොද හෙලු ස්ථානයේදී පහන් දල්වා තිබුනේ හිටපු විමුක්ති කොටි සාමාජිකාවක් වන කදිර්මදිගේ පියා වන තුරෙයිරාසා විසිනි.
තිලීපන් අනුස්මරණ සතියට සමගාමීව විදි සංචාරය කළ රථ කිහිපයක්ද ද බ්‍රහස්පතින්දා පෙරවරුවේ නල්ලුර් පිහිටි තිලීපන් ස්මාරකය අසලට ලඟා වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
පසුගිය කාලය පුරා දකුණේ අරගලකරුවන් ද පෙළීමට යොදාගෙන තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 37 වසරකට ඉහතදී දිලීපන් සටන් වැදී තිබුණි.
සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලිම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.
යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.
ඔහු අනුස්මරණය කරමින් සැප්තැම්බර් 26 වැනි බ්‍රහස්පතින්දා මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ව්‍යාපාරික ප්‍රජාවගේ සංවිධානත්වයෙන් අනුස්මරණයක් පැවැති අතර මන්නාරමේ පැවැති අනුස්මරණය සිය කාර්යාලයේ දී සංවිධානය කර තිබුනේ ටැමිල් නැෂනල් රයිට් ටු ලයිෆ් මුමන්ට් සංවිධානය විසිනි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) කිලිනොච්චි කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍යාගී දිලීපන් අනුස්මරණයක් පැවැති අතර වව්නියාවේද තිලීපන් අනුස්මරණයක් පැවැති බව පළාත් බද වාර්තා කරුවෝ පවසති.
ඉන්දීය හමුදාවට විරුද්ධ අහිංසාවාදී අරගලයක යෙදී මියගිය දිලීපන් වෙනුවෙන් නල්ලුර්හි ඉදිකළ ස්මාරකය අසල දී ‘දිලීපන්ගේ පරිත්‍යාගය දිලේවා’ මැයෙන් දෙමළ සිවිල් සමාජ ක්‍රියාධාරීන් හා හිටපු විමුක්ති කොටි සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් සතියක කාලයක් පුරා ප්‍රදර්ශනයක් ද දියත් කෙරුණි.