සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කිරීම සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තියට අදාළ කරුණු තමාට ලබාදුන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් බව 'දිවයින' පුවත් මාධ්‍යවේදී හේමන්ත රන්දුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි 'අනිද්දා' සති අන්ත පුවත්පත වාර්තා කරයි.


නියෝජ්‍ය පොලිස්පතිවරයා 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවියට සහ 'ලංකාදීප' වෙබ් අඩවියටද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

කුරුණෑගල රොහලේ වෛද්‍යවරයෙකු මැයි 25 වෙනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඒ පිළිබඳ එදින උදැසනම මාධ්‍ය දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියේ, එම වෛද්‍යවරයා අත් අඩංගුවට ගනු ලැබුවේ අයථා වත්කම් ඉපයීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බවයි.

කෙසේවුවද එදින පෙරවරු 10 ට පමණ 'ලංකාදීප' පුවත්පතේ කුරුණෑගල වාර්තාකරු වන පුෂ්පකුමාර ජයරත්න 'ලංකාදීප' වෙබ් අඩවියෙහි පළ කළ පුවතකින් දැක්වෙන්නේ, වෛද්‍යවරයාගේ සේවා කාලය තුළ එම වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කම් 8000කට අධීක ප්‍රමාණයකින් සිංහල බෞද්ධ මව්වරුන් විශාල සංඛ්‍යාවක් වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙන බවත් කුරුණෑගල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්නත කිත්සිරි ජයලත් පැවසූ බවයි.


තව්හිද් ජමාත් කතා කෝ !

වෛද්‍යවරයා තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධයැයි තොරතුරු ලැබුණු බවක් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ බව ද එම පුවතේ සඳහන්ය.  එදා කියූ තව්හිද් ජමාත් කතාව මේවනවිට මාධ්‍ය කතිකාවෙන් අතුරුදන්ව ඇත. 

මෙම පුවත පසුව ලංකාදීප වෙබ් අඩවියෙන් ඉවත් කරගෙන තිබිණි. 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය වෙත නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් තොරතුරක් මත පලකළ ප්‍රවෘත්තියක නිවැරදි කිරීමක් එම වෙබ් අඩවියේ පළකර ඇත. 

25 වනදා වනවිට වෛද්‍යවරයාට එරෙහිව වඳ සැත්කම් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබිණ. එවන් පැමිණිලි ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීම් කළේ ද 25 වනදා පස්වරුවේය.

ඒ අනුව කිසිදු සාක්ෂියක් නොමැතිව, කිසිදු පැමිණිල්ලක් නොමැතිව සමාජය මහත් කැළඹීමකට ලක් කරන කතාවක් මාධ්‍යවෙත ලබාදීමට කිත්සිරි ජයලත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ක්‍රියා කළේ දේශපාලනික අවශතාවයක් මත බවත්  ඔහු 'පොහොට්ටු' පක්ෂයේ හිතවතකු බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි. 

කිත්සිරි ජයලත්ගෙන් තොරතුරු ලබාගෙන පුවත් සකස් කළ මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ අදහස් පළ කිරීමෙන් වළකින ලෙස සිය මිතුරු මිතුරියන්ගෙන් ද ඉල්ලීමක් කර තිබිණි. ඒ, තමන් හවුලේ කළ ප්‍රචාරණ ව්‍යාපෘතියෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා අමාරුවේ වැටුණු බව දැනගත්තාට පසුවය.


61669317 383737412236567 2391290481624481792 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්