හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කාර්යාලය නිවේදනය කරයි.
මින්පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන් පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ද ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.
කෙසේවුවද හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ හිටපු විපක්ෂනායක ට ලබාදී ඇති ආරක්ෂාව නොවෙනස්ව ලබාදී තිබේ.
එසේම වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනූව සහ අධිකරණ නියෝග මත ආරක්ෂාව ලබාදී ඇති හිටපු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ හිටපු ආණ්ඩුකාරවරුන්ගේ ආරක්ෂාව නොවෙනස්ව පවතින බවද අදාළ නිවේදනයෙහි දැක්වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීය අතර මේ අනුව මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව, ඉන්ධන දීමනාව, මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම් අහෝසි වී තිබේ.
කෙසේවුවද මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට හිටපු මන්ත්‍රීවරුන්ට අවසර ලබාදී ඇත.
2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වෙයි.