theleaderlk 01

වංචා දුෂණ චෝදනා එල්ලවී ඇති කිසිවකුට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට

සමගි ජන බලවේගය තීරණය කර ඇත.

ඒ අනුව රජයෙන් බාර් ලයිසන් හෝ වෙනත් වරදාන වරප්‍රසාද ලබාගෙන ඇතැයි චෝදනා එල්ලවී ඇති සියලු දෙනා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භකරන ලෙසත්, එහිදී එකී චෝදනා සනාථවන කිසිවකුට නාමයෝජනා ලබා නොදෙන ලෙසත් සජබ නායක සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා, එම පක්ෂයේ මහ ලේකම්, රන්ජිත් මද්දුම බණ්ඩාරට උපදෙස් දී තිබේ.

වාර්තාවන අන්දමට හිටපු ජනාධිපතිගෙන් මත්පැන් බලපත් ලබාගෙන ඇතැයි තහවුරු වී ඇති කුරුණෑගල දිස්ත්‍රීක්කයේ හා ගම්පහ දිස්ත්‍රීක්කයේ සජබ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා නොදීමට සජබ නායකයා දැනටමත් තීන්දු කර ඇතැයි ද වාර්තාවේ.

pe2024 2

worky sin

නවතම පුවත්