theleaderlk 01

වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රට දිනවීමට කටයුතු කිරීම බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

''අපේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යි'' යයි ද ඔහු කියා සිටියි. 

ඔහු එබව පැවසුවේ ඊයේ (28) කොලොන්නාව ආසන ක්‍රියාකාරීන් සමග වැල්ලම්පිටියේ දී පැවැති හමුවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

රට දිනවන්න නම් සාමුහිකව වැඩ කළ යුතුයි

මේ අපේ රට සෑම අතකින් ම අභියෝග රැසකට මුහුණ දී තියෙන අවස්ථාවක්. මේ තුළින් අසරණ වන්නේ අතිමහත් බහුතර ජනතාව යි. බහුවිධ ගැටලුවලට මුහුණ දී ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ දී අපි නායකත්වය ලබා දෙනවා. ඒ වගේ ම ජනතා ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා. එම නිසා අපි මේ වැඩපිළිවෙළ හා දර්ශනය තුළ රට දිනවිය යුතු යි. මේ ක්‍රියාවලිය එක් අයකුට කළ නොහැකි දෙයක් නිසා ඒ සඳහා සියලු දෙනාම සක්‍රීය ව දායක විය යුතුයි. 

රටේ ඇති වැදගත් බලවත් දේශපාලන බලවේගය වන්නේ සමගි ජන බලවේගය යි. දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීමට නම් කඩාකප්පල් කිරීම හෝ ප්‍රශ්න ඇති කර නොගෙන ප්‍රගතිශීලී ව කටයුතු කර රටටත් ජනතාවටත් ධනාත්මක විසඳුම් ලබා දිය යුතුයි. අපි, රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්න විසඳීම සඳහා දායකත්වය ලබා දෙන අතර ම ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මකභාවයෙන් ඔප්පු කරමින් ජනතාවාදී සේවාවක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.

අපිට ධනාත්මක වැඩ පිළිවෙළක් තියෙනවා

යෞවනයන්ට සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කිරිමට අවස්ථාව ලබා දී තරුණයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඔවුන් සවිබල ගැන්විය යුතු යි. කාන්තාවන්, විශ්‍රාමිකයන් ඇතුළු ජන සමාජයේ සෑම කොට්ඨාසයක් ම මුහුණ දෙන ගැටලුවලට විසදුම් දිය යුතු යි. මැතිවරණ පසුබැමකට ලක් වුණා කියල මේවා නොසලකා හරින්න බෑ. අපි පැරණි යල්පැනගිය ක්‍රමවේද අනුගමනය කරන්නෙ නෑ. මේ ප්‍රශ්නවලට, අභියෝගවලට සැම අවස්ථාවකම ශක්තිමත්ව දායක විය යුතු යි. සමගි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ වෙන්නෙ එය යි. එසේම සමගි ජන බලවේගයට සෘණාත්මක නොවන ධනාත්මක ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් තියෙනවා. එම නිසා අපි ඉදිරියේ දී ප්‍රධානතම ප්‍රගතිශීලී බලවේගයක් බවට පත්විය යුතු යි. පසුබැමකට ලක් වූවත් නැවත ගොඩනැගිය යුතු යි.


සමගි ජන බලවේගයේ කොලොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක, එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක එස්. එම්. මරික්කාර් විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණ. 

එස්. එම්. මරික්කාර් එහිදී මෙසේ පැවසිය.

 

pe2024 2

worky sin

නවතම පුවත්