theleaderlk 01

'යුක්තිය' මෙහෙයුමේදී සිදුවුණු අඩුපාඩු නිවැරදි කර ගනිමින් පොලිස් අණපනත්වලන් ලැබී ඇති බලතලවලට අනුව පොලිසිය මෙහෙයුම් කටයුතු නොනවත්වා සිදු කරන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

වෙනත් රාජකාරිවලට යොදවා සිටි නිලධාරින්ද ඒ සඳහා යොමු කරමින් මෙහෙයුම් කටයුතු වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කළේය. 

පොලිසිය මගින් බලාපොරොත්තු වන සේවය මහජනතාවට හරි ආකාරයෙන් ඉටු නොවන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

අභිනවයෙන් පත්කෙරුණු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගත් අතර ඔහු ඉහත කාරණා සඳහන් කර සිටියේ, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

ප්‍රශ්නය - 
පසුගිය සමයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වුණා. දැන් ඒකේ පොඩි අඩුවක් තියෙනවා කියලා මහානායක හාමුදුරුවෝ අපි සමග සඳහන් කළා ?


වැඩබලන පොලිස්පති - 
"ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු අපි නිරික්ෂණය කළා ඒවත් නිවැරදි කරමින් පොලීසියට අනපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී  නොනවත්ව සිදුකරනවා. සහ වෙනත් රාජකාරිවල යොදවලා හිටපු නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා."

ප්‍රශ්නය - 
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවලා තිබූ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් නැවතත් පොලිස් රාජකාරිවල අනුයුක්ත කරනවාද ?


වැඩබලන පොලිස්පති - 
"පොලීසියේ නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. ඒ හිඟයට විකල්ප පිළිතුරක් විදිහට මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගන්න කටයුතු කරනවා."



pe2024 2

worky sin

නවතම පුවත්