ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනුර ප්‍රියදර්ශන යාපා ප්රමුඛ නව සන්ධානය ඒකාබද්ධව ක්‍රියාත්මක වන 'පොදුජන එක්සත් පෙරමුණ'
හෙවත් පොදු පෙරමුණ (පොපෙ)
ඉදිරි මහා මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සන්ධානය සමග එක්ව කටයුතු කිරීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නියෝජිතයින් අතර පසුගිය දින කිහිපයේ සාකච්ජා වට කිහිපයක්ම පවත්වා ඇත.
'පොදුජන එක්සත් පෙරමුණ' සන්ධානය පසුගිය ජනාධිපතිවරනයේදී සහය පලකරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ වෙතයි.
එහෙත් මෙවර මහ මැතිවරණයට නායකත්වය ලබාදීමට හෝ ඡන්දයට ඉදිරිපත් නොවන බව රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී ඇති තත්ත්වයක් තුළ ඔහුට සහය පලකල පක්ෂ - පක්ෂ අතර මෙවර මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් මතුව ඇති මතගැටුම් හේතුවෙන් නිසි තීන්දුවක් ගැනීමේ පමාව නිසා පොදු පෙරමුණු පක්ෂය මෙසේ සජබ පක්ෂය සමග සාකච්ජා පටන්ගෙන ඇතැයි පැවසේ.
කෙසේවුවද සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, වංචා දුෂණ චෝදානා ඇති කිසිවකු සමග ජනබල සන්ධානයට එක්කර නොගන්නා බවයි.