ඔක්තොම්බර් 01 වෙනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික සත්ව්‍යෝත්දාන දෙපාර්තමේන්තුව යටතේ ඇති පින්නවල
අලි අනාථාගාරය, පින්නවල සත්ව්‍යෝත්දානය, දෙහිවල සත්ව්‍යෝත්දානය සහ රිදීගම සෆාරි උද්‍යානය, වයස අවුරුදු 12ට අඩු දූ දරුවන්ට නොමිළේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.
ඊට අමතරව එදින දවස පුරා මෙම උද්‍යාන නැරඹීමට පැමිණෙන ළමා, තරුණ, වැඩිහිටි සැමට දැනුම, විනෝදය ගෙන දෙන ක්‍රියාකාරකම් රාශියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇතැයි ජාතික සත්ව්‍යෝත්දාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගෝලීය උණුසුම්වීමත් සමඟ ඇතිවන දේශගුණික විපර්යාස හමුවේ පෘථිවියේ ජීවත්වන සියලු ජීවින් විශාල අභියෝගයන්ට මුහුණ දී ඇත. ඒ අතුරින් සත්ව ප්‍රජාව තුළ වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති සහ අවදානමට ලක්ව ඇති සතුන් මින් විශාල ලෙස පීඩාවට පත්වී ඇත. මෙම හේතුවෙන් දේශීය මෙන්ම ගෝලීය ෛජව විවිධත්වයට ඇතිවී තිබෙන බලපෑම අඩුකිරීම කෙරෙහි කටයුතු කිරීම සැමගේ වගකීමක් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව යමින් දේශගුණික විපර්යාස හමුවේ සත්ව්‍යෝත්දානයක කාර්යභාරය තේමාව යටතේ පාසල් දරු දැරියන් අතර පැවැති චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම, එදිනම චිත්‍ර තරග පැවැත්වීම සිදු කෙරේ.
රිදීගම සෆාරි උද්‍යානයේ මේ වසරේ මැයි මස උපත ලැබූ සිංහ පැටව් තිදෙනාට නම් තැබීමට ඒ සඳහා නම් යෝජනා කරන ලෙස සමාජ මාධ්‍යය මඟින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව ලැබුණ නම් කමිටුවක් හරහා තෝරාගෙන සිංහ පැටව් තිදෙනාට නම් තැබීමේ උළෙලද ඔක්තොම්බර් 01 වෙනිදා පින්නවල සත්ව්‍යෝත්දානයේදී සිදු කෙරේ. ඊට අමතරව එදින පටන් මෙම සිංහ පැටව් තිදෙනා මහජන ප්‍රදර්ශනයටද එක්කරන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල
ප්‍රකාශ කළේය.
විෂය භාර අමාත්‍ය විජිත හේරත් ගේ උපදෙස් හා මඟපෙන්වීම මත ලෝක ළමා දින සැමරුම නිදහසේ සතුටින් කාලය ගත කිරීමට දරුවන්ට අවස්ථාව ලබාදීමට තමන් පියවර ගෙන ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික සත්ව්‍යෝත්දාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් එම්.එස්.එල්.ආර්.ටී. මාරසිංහ, අධ්‍යක්ෂ (මෙහෙයුම්) අනෝමා ප්‍රියදර්ශනී, දෙහිවල සත්ව්‍යෝදානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු, පින්නවල අලි අනාථාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නවෝද් අබේසිංහ, පින්නවල සත්ව්‍යෝත්දානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල සහ රිදීගම සෆාරි උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර සහ සුබපතන්නන්ගේ සහයෝගය මත මෙම ළමා දින වැඩසටහන් ක්‍රියාත්මක වේ.
(ජේ. මුණසිංහ)