theleaderlk 01

සාර්ථක රාජ්‍යයක් සඳහා කැපවීම මිස රට කඩා වැට්ටවීමේ අපේක්ෂාවක් තම කඳවුරට නොමැති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික

සංවිධායක, කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.

ඒ ඒ අනන්‍ය දේශපාලන රටාවන් සහ ප්‍රතිපත්ති මත පිහිටමින්, රටේ අභිවෘද්ධිය උදෙසා සහාය ලබා දීමේ වගකීම සජබය නොපිරිහෙලා ඉටු කරන්නේ මෙරට දෙවැනි වැඩිම ඡන්ද ලැබූ පක්ෂය ලෙසින් බව ද හෙතෙම පැවසී ය.

එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඔහු විසින් නායකත්වය ලබා දෙන කොලොන්නාව ආසනයේ ජනතාව වෙත ස්තුතිය පළ කිරීම සඳහා, පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 28 පැවති සුහද හමුවේ දී ය.

එහි දී තව දුරටත් කරුණු පැහැදිලි කළ එස්. එම්. මරික්කාර්...

අපේ අරමුණ රට දිනවීම

‘‘එක් පසෙකින් නව ජනාධිපතිවරයෙක් සහ නව කැබිනට් මණ්ඩලයක් පත්ව, තවත් පසෙකින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති මොහොතක සමගි ජන බලවේගය බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණය යි. ජනතාව ඉල්ලා සිටින්නේ වෙනස් දේශපාලන සංස්කෘතියක්. ඊට අනුගතව අලුත් රටක් ගොඩනැගීම සඳහා සහාය ලබා දිය යුතුයි. විය යුත්තේ රට කඩා වැට්ටීම හෝ විනාශ කිරීම නෙවෙයි. සියලු දෙනා එක්ව රට දිනවීම යි. සෑම පාර්ශවයකගේම ප්‍රතිපත්තිය විය යුත්තේ රට දිනවීම යි. මැතිවරණ ව්‍යාපාරයක් අරබයා හෝ එම ප්‍රතිපත්තියට ප්‍රතිවිරුද්ධ  පාර්ශ්ව සමග එක් නොවිය යුතු යි.

මෙම සුහද හමුව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් නව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ද විමසා සිටියහ. ඊට ප්‍රතිචාර දැක්වූ එස්. එම්. මරික්කාර්...

දැනට ජනපතිගෙ වැඩපිළිවෙළ සුබ දායක යි

‘‘එතුමා පත් වූ අලුත් ධුරයේ සිට මෙතෙක් ක්‍රියාත්මක කළ බොහෝ දේ සජබ විසින් පසුගිය මැතිවරණ සමයේ ප්‍රකාශ කෙරුණු කරුණු හා සමාන බැවින්අපි ඒ පිළිබඳ සතුටු වෙනවා. ජනාධිපතිවරයා මෙන්ම මමත් අපේ පක්ෂයත් බලාපොරොත්තු වන්නේ ශක්තිමත් ලෙස රට ගොඩනැගීමයි. එහි දී ජනතාවාදීව හා අනාගතවාදීව, යහපත් පියවර සඳහා සහාය වෙන්නත්, අඩුපාඩු පෙන්වා දීමටත්, වැරදී දේට විරුද්ධවීමටත් අපේ පක්ෂය කටයුතු කරනවා.’’

(පබසර රෝහණ)

 

 



kolonnawa

pe2024 2

worky sin

නවතම පුවත්