හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම ගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ සටහන ඒ නිමිත්තෙනි.
කුමාර වෙල්ගමගේ දේශපාලන ක්‍රියාව සහ ඵලදායිතාව ගැන මං ඒ තරම් දන්නෙ නෑ. ඒ ගැන සමාවෙන්න.
නමුත් වෙල්ගම හරිම විවෘත මනුස්සයෙක් වග මං දැකලා තියෙනවා. නිදහස් ප්‍රේමවන්තයෙක්.
වයස සහ සම්ප්රදාය ගානකටවත් නොගෙන තමන්ගේ අනුරාගය හඹා ගිය රැඩිකල් පෙම්වතෙක් කියන්න පුළුවන්.
මනුස්සයෙක් විවෘතව තමන්ගේ අනුරාගය වැළඳගනිද්දි ඒ මනුස්සයාගේ දේශපාලනය නිදහස් වෙනවා. වෛරයෙන් ප්රචන්ඩත්වයෙන් තොර වෙනවා. වෙල්ගම කියන වයස්ගත නමුත් යොවුන් හදවතක් ඇති මනුස්සයාගෙන් මං දැකපු ගුණයක් ඒක.
එහෙම පූර්ණව ජීවත් වුනු අයට මරණය දුකක් නෙමෙයි.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)