theleaderlk 01

අගනුවර අධි ආරක්ෂිත කලාපයක් තුල අහම්බෙන් හමුවූ පළමු සමූහ මිනීවලේ දෙවැනි අදියරේ කැනීම් සිදුකළ සිදු කළ තුන්වැනි දිනයේදී

පුද්ගලයන් දෙදෙනකුට අයත් ඇටසැකිලි ගොඩගැනීමෙන් අනතුරුව කැනීම් කටයුතු කල් දමා තිබේ.

මිනිස් අස්ථි හමුව ඇති සුසානයක විමර්ශන දීර්ඝ කාලයක් අත්හිටුවා තැබිය නොහැකි බව පෙන්වා දෙන වෝහාරික පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව පවසන්නේ ඉදිරි කැනීම් සඳහා අවශ්‍ය කරන මුදල් ලැබිමෙන් අනතුරුව අවම වශයෙන් ඔක්තෝබර් 17 වැනි දිනට හෝ පෙර කැනීම් කටයුතු යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. 


කොළඹ වරාය සමුහ මිනී වලේ පළමු අදියරේ කැනීම් කටයුතු දින අටක් සිදු කිරීමෙන්  පසුව  සැප්තැම්බර් 13 වැනිදා සිකුරාදා දහවල් තාවකාලිකව නතර කරන විට අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනකුට අයත් ඇටසැකිලි මතුකරගෙන තිබු අතර තවත් හිස් කබල් හතරක් පමණ කැනීමේ වලෙහි තිබෙනු දැකගන්නට ලැබුණි.


දෙවැනි අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 26 වැනි බ්‍රහස්පතින්දා යළි ආරම්භ කළ අතර සැප්තැම්බර් 28 වැනි සෙනසුරාදා කැනීම් කටයුතු තාවකාලිකව නතර කරන විට හවස් යාමයේ එහි ගිය මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ තවත් මිනිස් අස්ථි කොටස් වල තුළ පවතින බවයි.

සමුහ සුසානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ සහ පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව විසිනි.

සමුහ සුසානය පුර්ණ ලෙස කැනීම සදහා තවත් මාසයක පමණ කාලයක් අවශ්‍ය බව පවසන මහාචාර්ය රාජ් සෝමදේව ඒ සඳහා වැය වන මුදල් ඇස්තමේන්තුවක් වරාය පොලීසියට මේ වන විටත් බාර දී ඇත.

කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී තිබුනේ කොළඹ වරායේ පිහිටි පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ 2024 සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.

pe2024 2

worky sin

නවතම පුවත්