theleaderlk 01

මහ මැතිවරණයේදී වරමක් ඉල්ලන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා රට දුර්වල කිරීමට නොවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ඊයේ (29) මැදකොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවක දී ය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 

දුප්පත්කම නැති කිරීම සඳහා විසඳුම් සෙවිය යුතුයි

‘‘සමගි ජන බලවේගය ලෙස අපි අද වන විට රට ගොඩගන්නා වැඩපිළිවෙළට නායකත්වය සහ ශක්තිය ලබා දෙනවා. අපේ රට සහ එහි ජීවත් වන ලක්ෂ 220 ජනතාව අභියෝග රැසකට මුහුණ දී තිබෙන නිසා සමගි ජන බලවේගයෙ ගමන ධනාත්මක සහ ප්‍රගතිශීලී විය යුතුයි. මහ මැතිවරණයේ දී වරමක් ඉල්ලන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා රට දුර්වල කිරීමට හෝ අකර්මණ්‍ය කර දේශපාලන ජයග්‍රහණය ලබා ගන්න නෙවෙයි. රට ගොඩගන්නා වැඩසටහනට ප්‍රතිපත්ති නිර්මාණය කිරිමට අවශ්‍ය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ වරමක් ලෙසයි. ජනතාව හැකිළුණු ආර්ථිකයක් තුළ ප්‍රශ්න රැසකට මුහුණ දෙනවා. ජන ජීවිත දුෂ්කර වෙලා; දශලක්ෂ ගණනින් දුප්පත්කම වැඩි වෙලා. ග්‍රාමීය නාගරික හා වතු දුප්පත්කම තව තවත් වැඩි වෙලා ඒවාට විසදුම් දිය යුතු යි.


අපිට ධනාත්මක ඉලක්ක තිබෙනවා

සමගි ජන බලවේගයේ අරමුණ නිශ්චිත ප්‍රතිපත්තියක් තුළින් දුප්පත්කම තුරන් කර ආර්ථික වර්ධනය විශාල කිරීම යි. ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබෙන වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ ගමන තුළ ධනාත්මක ඉලක්ක තිබෙනවා. ඒ තුළින්: කාන්තාවන්, වැඩිහිටියන්, දරුවන්, විශ්‍රාමිකයන් ඇතුළු ජන සමාජයේ සියලු දෙනිට ම සතුටු දායක ආර්ථික වශයෙන් ශක්තිමත් ජීවිතයක් උදා කරලීම අපේ වගකීමක්.  


ව්‍යාපාර ආරම්භ කරන අයට පුර්ණ සහය ලබා දෙනවා

පසුබැමකට ලක් වුණත් මේ රටට එන්නට අපේක්ෂාවෙන් සිටින සියලු ආයෝජකයන්ට ආරාධනා කර ඔවුන්ට පුර්ණ සහාය දෙනවා. සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කර රටේ ආර්ථිකය වර්ධනය කරනවා. අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කරන අයට පුර්ණ සහය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලන පසුබැමකට ලක් වුණා කියල කුහක ඊර්ෂයාකාරී වෛරී දේශපාලන මා ළඟ නෑ. අපි හැමෝ ම අත්වැල් බැද ගෙන රට ගොඩනගන ගමනට ශක්තියත් වන ලෙස මම ඉල්ලා සිටිනවා.’’

 

pe2024 2

worky sin

නවතම පුවත්