theleaderlk 01

තමන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නාවිට තම බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවත්, මේ වනවිට ඉඩම් විකුණ විකුණ ජීවත් වන බවත්

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවසීය.

වත්මන් දේශපාලන සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය මේ බව පවසා සිටියාය.

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් කුමාරතුංග පවසා සිටියේ,  ආණ්ඩුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙන බවයි.

එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බවත් ඇය පැවසුවාය.

"අපි කාගෙන්වත් කාලා නැහැ. අපේ තියෙන ඒවා අනික් අයට දුන්නා මිසක්. ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට ඇත්ත වශයෙන්ම මගේ බැංකු ගිණුමත් ඕවර් ඩ්‍රාෆ්ට්. පස්සේ ඉඩම් විකුණ විකුණ දැන් ජීවත්වෙන්නේ. ආණ්ඩුවෙන් මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු නවයම මට පෙන්ෂන් එක දුන්නෙත් නැහැ. මගේ සේවක මණ්ඩලයේ පඩි ගෙවන්නේ මම. ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ මම. මට ලැබිලා තියෙන්නේ රජයේ ගෙයයි, වාහන 4යි. මට යන්න ජීප් එකකුයි , කාර් එකකුයි.  ආරක්ෂකයින්ට දෙකක් තියෙනවා. කාර් 4ක් තියෙනව, ඒවත් ඕන්නම් ගත්තාවේ. බස් එකේ ගන්න මට කිසි ලැජ්ජාවක් නැහැ".

(adaderana.lk)

pe2024 2

worky sin

නවතම පුවත්