රටේ ප්‍රශ්න තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට විසඳිය නොහැකි බැවින් එදිරිවාදී විරුද්ධවාදී දේශපාලන සංස්කෘතිය අමතක කර ජනතාවගේ ගැටලුවලට උත්තර
සපයන වැඩපිළිවෙළ සකස් කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ උතුරු කොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවක දී ය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.
කඩා වැටුණු, ගරා වැටුණු රට ගොඩගත යුතු යි
‘‘ඡන්දයක් අවසන් වුණාට රටේ ප්‍රශ්න අවසන්වෙලා නැහැ. රටේ ජනතාව ගත කරන්නෙ පීඩනකාරී අසහනකාරී දිවියක්. කුඩා දරුවාගේ සිට මව්වරුන්, දරුවන්, තරුණයන්, කාන්තාවන්, වැඩිහිටියන්, විශ්‍රාමිකයන් ආදී සියලු දෙනා ම ආර්ථික පීඩනයට ලක් වෙලා. අපි ජනතාවගේ ගැටලුවලට උත්තර, විසඳුම් සපයන්නන් විය යුතු යි; කඩා වැටුණු, ගරා වැටුණු රට ගොඩගත යුතු යි. ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය තුළ ජනතාවගේ ගැටලුවලට විසදුම් සපයන්න අපි සුදානම්. තරුණයන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්විය යුතු යි. උත්තර සපයනවා කියන්නෙ විවේචනය නොවෙයි; විසඳුම් ලබා දීම යි. මෙහි දී තරුණයන් රටේ ආර්ථික වර්ධනයේ නායකයන් කොටස්කරුවන් බවට පත් කළ යුතු යි. රටේ ප්‍රශ්න තනි පුද්ගලයන්ට හෝ කණ්ඩායමට විසඳිය නොහැකි නිසා එදිරිවාදී විරුද්ධවාදී දේශපාලන සංස්කෘතිය අමතක කර ජනතාවගේ ගැටලුවලට උත්තර සපයන වැඩපිළිවෙළ සකස් කළ යුතු යි.
නව කර්මාන්තකරුවන් බිහි කළ යුතුයි
ජනාධිපතිවරණය පැරදුණත් කුහකකම් කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. අප රටට විදේශීය ආයෝජන අවශ්‍ය යි; අප රට සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කළ හැකි පරිසරයක් ඇතිකළ යුතු යි; රටේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්තවලට ශක්තිය දිය යුතු යි. ඒ සඳහා සුදානම් සියලු ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාර ආරම්භ කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. එමෙන් ම දුප්පත්කම වැඩි වෙලා තිබෙන නිසා මේ දුප්පත්කම තුරන් කළ යුතු යි. ඒ වගේ ම දශලක්ෂ ගණනින් දුප්පතුන් වැඩි වෙලා තියෙන නිසා මේ දුප්පත්කමින් මිදෙන්න අවශ්‍ය සහාය ලබා දිය යුතු යි. දළ දේශීය නිෂ්පාදනයට සියයට පනහක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැවත සවිබල ගැන්විය යුතු යි; නව කර්මාන්තකරුවන් ඇති කිරීමට කටයුතු කළ යුතු යි.
රට තුළ කලබලකාරී තත්ත්වයන් ව්‍යාකූල තත්ත්වයන් ඇති කරන්න, අසමගිය ඇති කරන්න, රට තුළ අවිනිශ්චිතතාවක් ඇති කරන්න හෝ අස්ථාවරත්වය තුළින් බලය ගන්න අපි උත්සාහ කරන්නෙ නෑ. එවැනි දේවල්වලට වඩා අපිට රට වටිනවා. ඒ නිසා අපි ලක්ෂ දෙසිය විස්සක ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කළ යුතු යි. මේ කරා යා හැකි හොදම ගමනට නායකත්වය දෙන්න මම සූදානම්.’’