theleaderlk 01

ජාවාරම්කරුවන් විසින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිට කිරීම සම්බන්ධයෙන් එම විභාගයට පෙනීසිටි සිසු දරු, දැරියන්ගේ මානසිකත්වය සලකා බලා ලබා දුන් තීරණයට එරෙහිව ඇතැම් අවස්ථාවාදී පිරිස් දෙමාපියන් පොළඹවමින් සිටින බව 'ලංකා ට්රුත්' වෙබ් අඩවිය පවසයි.

ඊයේ (30දා) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මෙන්ම තවත් ස්ථාන කිහිපයක විරෝධතා පවත්වා තිබිණි. 

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න තුනක් පිට කර ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉහළ පෙළේ නිලධාරියකු මෙන්ම තවත් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

උද්ගත වී ඇති ගැටලුවට විසඳුම් සෙවීම සඳහා කමිටුවක් පත් කරනු ලැබූ අතර, එම කමිටුව විභාගයට පෙනීසිටි දරුවන්ගේ මානසිකත්වය ප්‍රමුඛත්වයේ සලකා බලා අදාළ ප්‍රශ්න තුනට හිමි ලකුණු සියලුම දරුවන් වෙත ලබා දීමට නිර්දේශ කර තිබිණි.

එසේ තිබිය දී, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුවට විසඳුමක් ඉල්ලා මව්පියන් පිරිසක් ඊයේ  (30) දවස පුරා බත්තරමුල්ලේදී සහ කොළඹදී විරෝධතාවල නිරත වූහ. 

පසුව ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ද රැඳී සිටිමින් විරෝධතාවේ නිරත වූ අතර, එහිදී මව්පියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට හිමිව තිබිණ. 

එම සාකච්ඡාවෙන් අනතුරුව එම මව්පියන් මාධ්‍ය හමුවේ පැවසුයේ, ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව නතරකරන බවට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.

ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම තීරණය තමන්ට දැනුම්දුන් බව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව වෙනුවෙන් හඬ නැගූ මව්පියෝ පැවසූහ.

එමෙන්ම එහිදී ඔවුන් පවසා සිටියේ, පළමු පත්‍රය නැවත පවත්වන මෙන්ද තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

"එතුමා කියනවා කිව්වා උත්තර ප්‍රශ්න පරීක්ෂාව නතර කරනවා කියලා. අපි ඉල්ලීමක් කළා පළමු පත්‍රය තියන්න.''

''අපේ සටන ජයග්‍රහණය කරා කියලා අද දවසේ සතුටු වෙන්න පුළුවන්".



ශිෂ්‍යත්ව විභාග ගැටලුවට සජබයෙන් යෝජනාවක්

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස,  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ බරපතළ ගැටලුව විසඳීමට සහ විභාගය නැවත නව කාලසටහනකට සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

'5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම' යනුවෙන් සඳහන් කරමින් විශේෂ නිවේදනයක් යොමුකරමින් ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ අනාගතයේ දී මෙවැනි සිදුවීම් වැළැක්වීමට දැඩි පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම ඉතා කනගාටුදායක සිදුවීමක් බවත්, මේ නිසා සිසුන් සහ දෙමාපියන් යන පාර්ශ්ව දෙකම ඉතා කලකිරීමට පත්ව තිබෙන බවත් එහි දක්වා ඇත.

එම නිවේදනය පහතින්,

sajith letter

(adaderana.lk)

pe2024 2

worky sin

නවතම පුවත්