වත්මන් රජය විසින් ප්‍රකාශයට පත්කළ පොහොර සහනාධාරය සහ නොමිලේ එම්.ඕ. පී. (M.O.P) පොහොර බෙදා හැරීමට ගත් තීරණ ක්‍රියාත්මක කිරීම මැතිවරණ කොමිසම් සභාව විසින් තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව 'හරිත ටීවී නාලිකාව' විසින් විරෝධතාවය පළකර සිටියි.
2007 අංක 07 දරණ සමාගම් පනත ප්‍රකාරව නිසි ලෙස සංස්ථාපනය කරන ලද හරිත ටීවි (පුද්ගලික) සමාගම මගින් කරගෙන යන හරිත ටීවී නාලිකාව විරුධාවලිය ලබා ඇත්තේ ජාතික කෘෂිකර්ම හා පාරිසරික නාලිකාව වශයෙනි.
ප්‍රජා මූලික රූපවාහිනී නාලිකාවක් වන හරිත ටීවී නාලිකාවේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම වේ.
මැතිවරණ කොමිෂන් සභාව විසින් පොහොර සහනාධාරය සහ නොමිලේ එම්. 8 (M.O.P) පොහොර බෙදා හැරීමට ජනාධිපතිවරයා සහ හෝ රජය විසින් ගත් තීරණ තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය නිසාවෙන් ශ්‍රී ලංකාවේ විවිධ පැතිවල කෘෂිකර්මාන්තයේ නියලෙන ගොවින් විසින් තම ආයතනය වෙත විවිධ පැමිණිලි, දුක් ගැනිවිලි, සහ ගොවින් මුහුණපාන ගැටලු, දුක් කම්කටොලු යොමු කර සිටින ලද අතර, කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය අරමුණු කරගත් නාලිකාවක් ලෙස සමස්ත ගොවිජනතාව වෙනුවෙන්. මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය විරෝධත්වය පල කර සිටී.
ජනාධිපතිවරයා විසින් 2024 සැප්තැම්බර් මස 26 දිනැතිව මහා භාණ්ඩාගාරය වෙත් උපදෙස් ලබා දී ඇත්තේ පොහොර සහනාධාරයක් ලෙස 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රු 25,000/-ක දීමනාවක් ලබා දෙන ලෙස වේ. (මින් පෙර හෙක්ටයාරයකට රු. 15,000/- දීමනාව) එකී තීරණය 2024 ඔක්තෝබර් මස් 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. එකී සහනාධාරය ලබා දීම පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම විසින් අදාළ නිලධාරීන්ට දැනුම් දුන් බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා විසින් මාධ්‍යට ප්‍රකාශ කර ඇත.
විශේෂයෙන්ම ඉහත කී පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු 25,000/- දක්වා වැඩි කොට ලබා දීමට පෙර රජය විසින්ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලද අතර එය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කෘෂිකර්ම අංශය විසින් 2024.09.10 දිනැතිව දැනුම් දෙන ලදී.
කෙසේ වෙතත් ඒ අවස්ථාවේදීද මැතිවරණ කොමිසම මගින් එය ජනාධිපතිවරණය ප්‍රකාශයකට පත් කර ඇති අවස්ථාවක එක් අපේක්ෂකවරයෙකුට පක්ෂග්රාහී විය හැකි නිසාවෙන් එකී තීරණයද අත් හිටුවා සිටින ලදී.
මැතිවරණ කොමිසම විසින් එකී ජනාධිපතිවරණය සමයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශ කර ඇති මෙම අවස්ථාවේදීද ගොවීන් වෙනුවෙන් ලබා දී ඇති පොහොර සහනාධාරය අත්හිටු වීම අනීතික බලය ඉක්ම වූ, අසාධාරණ, අනාර්කික, නීතිය ඉදිරියේ බල රහිත තීරණයක් බව හරිත ටීවී (පුද්ගලික) සමාගම සිය පැමිණිල්ල මගින් දැනුම්දී සිටියි.
තවද ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ 2022 වර්ෂයේදී ආනයනය කරන ලද එම්. ඕ.පී. (M.O.P) පොහොර තොගයෙහි ඉතිරිය නොමිලේ ගොවින් හට බෙදා දීම සඳහා ගත් තීරණයද මැතිවරණ කොමිසන් සභාව විසින් ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත.
මෙම තීරණයද මැතිවරණ කොමිෂන් සභාව විසින් මින් පෙර ජනාධිපතිවරණ කාල සමයේදීද ක්‍රියාත්මක කිරීම අත්හිටු වූ තීරණයකි.
මැතිවරණ කොමිසම විසින් එකී ජනාධිපතිවරණය සමයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශ කර ඇති මෙම අවස්ථාවේදීද ගොවින් වෙනුවෙන් නොමිලේ එම 28 (M.O.P) පොහොර ලබාදීමේ තීරණය අත්හිටුවීම අනීතික, බලය ඉක්ම වූ, අසාධාරණ, අකාර්කික, නීතිය ඉදිරියේ බල රහිත කාරණයක් බව හරිත ටීවී (පුද්ගලික) සමාගම පවසයි.
හරිත ටීවී (පුද්ගලික) සමාගම විශේෂයෙන්ම තවදුරටත් සැලකර සිටින්නේ, මැතිවරණ කොමිසම විසින් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට තීරණය කරන ලද තීරණ ද්විත්වයම ක්‍රියාත්මක කිරීම තුළින් කිසිදු පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමක් සිදු නොවන බවයි. එමෙන්ම එකී තීරණ ද්විත්වයම නිසි පරිදි ක්‍රියා කිරීම තුළින් ශ්‍රී ලංකාව පුරා සිටින ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, සිය ජීවිතය නගා සිටිවීමටත්, රට තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමටත් ඉවහල් වන තීරණ වන බවයි.
තවද මෙකී තීරණ ද්විත්වයම හුදෙක් දේශපාලනික තීරණ නොවන අතර, තාක්ෂණික කමිටු හා විශේෂඥයන්ගේ නිර්දේශ මත ගත් ප්‍රතිපත්තිමය කාරණා බවද සැලකර සිටී.
එමෙන්ම මේ වන විටත් මහ කන්නය ආරම්භ වී ඇති අතර, ඒ අනුව රු. 25,000/- පොහොර සහනාධාරය අත්හිටුවා මහ මැතිවරණයෙන් පසුව ලබා දීම තුළින් රජය විසින් විශාල පිරිවැයක් දරා සිදු කරන පියවරෙහි නිසි ප්‍රතිපල භුක්ති විදීමටද නොහැකි වේ.
තවද නොමිලේ ලබා දීමට සැලසුම් කරන ලද එම 2 පී පොහොර 2022 අසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ගෙන ආ පොහොර තොග වන අතර එකී පොහොර තොග 2024 දෙසැම්බර් මසින් කල් ඉකුත්වනු ලබන අතර, එම පොහොර ඛෙදා හැරීම පාර්ලිමේන්තු මැතිවරණය තෙක් අත්හිටු වීම තුළින් එකී පොහොරවල ඇති ප්රයෝජනයද, එකී පොහොර ගෙවීම සඳහා වියදම් වු ණය මුදල්ද, ඒවා සඳහා ගෙවූ පොලියද යන සියල්ල අප රටට අහිමි වනු ඇත.
2014 වර්ෂයේ නියඟය අතරතුර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදීම සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසන්න ජයලත් සහ අනෙක් අය එරෙහිව ලේකම්, ආර්ථික සංවර්ධන අමාත්‍යංශ සහ අනෙක් අය (SC/FR/258/2014) යන නඩුවේදී ලබා දුන් නඩු තීන්දුව කෙරෙහි අවධානය යොමුකරන ලෙස ද හරිත ටීවී (පුද්ගලික) සමාගම සිය පැමිණිල්ල මගින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව පොහොර සහනාධාරය සහ නොමිලේ එම & B (M.O.P) පොහොර බෙදා හැරීමට ජනාධිපතිවරයා විසින් ගත් තීරණ තාවකාලිකව අත්හිටු වීමට ගත් තීරණය නැවත සලකා බලා නිවැරදි කරන ලෙස හරිත ටීවී (පුද්ගලික) සමාගම මැතිවරණ කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
මෙම ඉල්ලීම සදහා ඔබගේ ඉක්මන් සහ හිතකර ප්‍රතිචාරය අප බලාපොරුත්තුවෙන් සිටින අතර, අවශ්‍ය වුවහොත් ශ්‍රී ලාංකික ගොවියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම නෛතික ක්‍රියා මාර්ගයක් සඳහා නොපැකිලව යොමු වන බවද හරිත ටීවී (පුද්ගලික) සමාගම අවධාරණය කර සිටියි.
සබැඳි පුවත් :
පොහොර සහනාධාරය: දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිදු කළ දෙයක් නොවේ - කීර්ති තෙන්නකෝන්