theleaderlk 01

ආර්ථිකය යහපත් අතට හැරවීමේ පොරොන්දුවට බලය ලබාගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය සන්නද්ධ අංශ වැඩිදියුණු කිරීම සඳහා පියවර ගැනීමට සැරසේ.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ‘සාම්ප්‍රදායික නොවන’ තර්ජන ගණනාවක් හඳුනාගෙන ඇතැයි අනතුරු අඟවන නව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව වෘත්තීය මට්ටමට නංවා ලීම ඇතුළු ‘හැම අංශයකින්ම’ වර්ධනය කරන බවට මහනුවරදී රට වැසියන්ට සහතික වී තිබේ.

"අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියළුම වර්ගයේ තර්ජන අපි හදුනාගෙන තියනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ මහජනතාව අපහසුතාවයට පත් වෙන සියළුම මාදිලියේ සාම්ප්‍රදායික නොවන තර්ජන තියනවා ගොඩක්. ඒවා සාම්ප්‍රදායික නොවන තර්ජන. ඉතා ඉක්මනින්ම සමනයකට පත් කරන්න. අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ තියන හැකියාවන් වර්ධනය කරමින් ඒ ගොල්ලන්ගේ කැපවීම මත ඒ කාර්ය ඉටු කරන්න තමයි අපි, අපේ රජයේ බලාපොරොත්තුව."

ආරක්ෂක අමාතාංශයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව සැප්තැම්බර්  28 වැනි සෙනසුරාදා දළදාව වැඳ ගැනීම සදහා මහනුවර ගිය එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගෙන්, ත්‍රිවිධ හමුදාවේ කටයුතු වර්ධනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබුනේ ත්‍රිවිධ හමුදාව වෘත්තීය මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවයි.

"ත්‍රිවිධ හමුදාව හැම අතින්ම නවීන තාක්ෂණය, පුහුණුවීම් වෙන්න තියන අවස්ථා. වෘත්තීය මට්ටමට ගෙන එන්න තියන සියළුම හේතුන් හදුනා ගෙන ඒ සදහා ක්‍රමානුකුලව කටයුතු කිරීම තමයි බලාපොරොත්තුව."

මීට ඉහතදී රජයේ සහ හමුදාවේ බලධාරීන් නිතර අවධාරණය කළ කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ඉහලම වෘත්තීය තලයක ඉන්නා බවයි.


......

 

pe2024 2

worky sin

නවතම පුවත්